Saturday, January 12, 2013

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි.  කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍ර‍මාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස අනුව ඉහළගම, පහළගම, මැදගම, අළුත්ගම සහ පට්ටියගම ලෙස ඒවා හැදින්වෙයි. නමුත් පට්ටියගම පිහිටා ඇත්තේ නගර සීමාවෙන් පිට නිසා පස්වන ගම ලෙස ඇතැම්හු  යාගොඩ ප්‍රදේශයද ඈදා ගනී.

සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍ර‍මණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ  ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍ර‍මාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද  ඉහළට එසැවිනි.


1864 දෙසැම්බර් 27 වෙනිදා කොළඹ කොටුවෙ සිට අඹේපුස්ස දක්වා සිදුකල ලංකාවෙ පළමු දුම්රිය ගමනටත්  ගම්පහ සම්බන්ධයි. ඒ ගම්පහ දුම්රිය ස්ථානය (එකල හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය)  හරහා පළමු දුම්රිය ධාවනය සිදු වූ නිසයි.  මේ පැරණි දුම්රිය ස්ථානය සංරක්ෂිත පුරාවිද්‍යා දේපලක් ලෙස අදටත් දැකගන්න පුලුවන්. ගම්පහ දුම්රිය ස්ථානය දිවයිනෙන්ම තෙවැනි ස්ථානයට වැඩිම ආදායම් ලබන දුම්රිය ස්ථානය බව දන්නෝද බොහොම අල්පය. ඒ වගේම ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට තියෙන වොලිබෝල් ක්‍රීඩකයන්ගෙ ස්මාරකයත් සුවිශේෂී එකක්. එය ස්වර්ණමය යුගයක මතක ආවර්ජනයක්...

කාලයක්ම ගම්පහ නම බැබලුනේ වොලිබෝල් ක්‍රීඩාවෙන්. එකල දේශීය වොලිබෝල් පිටියේ සිටි චාල්ස්‌, සූරී, සිරා වැනි දැවැන්තයන් රාශියක් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වීමත් එයට හේතුවක්. මේ ක්‍රීඩකයන් අතරින් කාගේත් අවධානය දිනාගෙන තිබුනෙ ඩබ්ලිව්. එල් සිරිවර්ධන හෙවත් වොලිබෝල් සිරා. අතිදක්ෂ ඩෑෂ් ප්‍ර‍හාරකයකු ලෙස තත්පර කීපයක් ගුවනේ සිටිමින් ඔහුටම ආවේණික  දැවැන්ත පහර එල්ල කරන වොලිබෝල් සිරා පාකිස්ථානයේදී ක්‍රීඩා කල තරගයක් නැරඹූ පාකිස්ථාන බලධාරීන් ඔහුගේ අතිදක්ෂ ක්‍රීඩා විලාශයට වශී වී ඔහුට සම්මාන පුරවැසිකමක් ලබා දීමට සුදානම් වුනා. නමුත් ඔහු එය කාරුණිකව ප්‍ර‍තික්ෂේප කොට ලංකාවට පැමිණියා. අද ඔහු අප අතර නෑ.... එකල මේ ගම්පහ කොල්ලන්ගේ වොලිබෝල් දක්ෂතා වලින් උද්දාමයට පත් ක්‍ර‍වුන් ස්ටෝර්ස් අධිපති ජිනදාස මුදලාලි මහත්තයා ජීවමාන වොලිබෝල් ක්‍රීඩකයන් ඇතුලත් කර ගම්පහ නගර මධ්‍යයේ සමරු ස්මාරකයක් ඉදිකලා. එය ජීවතුන් අතර සිටින වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් ලොව ඉදිවූ දෙවැනි ස්මාරකයයි. පළමුවැන්ත  බ්‍ර‍සීලයේ පිහිටා තිබේලු. නගර මැද පිහිටා තිබූ එය නගර සංවර්ධන අවශ්‍යතාව මත   එතැනින් ඉවත් කර නිරුපද්‍රිතව ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට දැන් පිහිටා තිබෙන තැනට ස්ථානගත කලා. 



වොලිබෝල් ප්‍ර‍තිමාව පැරණි ස්ථානයේ තිබියදී...
http://upload.wikimedia.org/wikipedia/commons/a/a7/Gampaha_town_volleyball.JPG
ඉතිහාසයේ ගම්පහ නගරය පිළිබද කියැවෙන වැදගත්ම අවස්ථාව තමයි ලංකාවෙ පළමු රබර් පැලය ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත තුල රෝපණය කිරීම. ඒ පිළිබද කථාව මෙහෙමයි.  ආර්ථික කටයුතු උදෙසා රබර් කිරි ප්‍රයෝජනයට ගත හැකි අන්දම පිළිබද ලෝකයට කරුණු ඉදිරිපත් උනාට පස්සෙ තමන්ගෙ යටත් විජිතයක් වන ලංකාවෙ රබර් වගාව සිදුකරන්න ඉංග්‍රීසීන් තීරණය කරනවා... ඒ අනුව පළමු රබර් පැල කීපය එංගලන්තයේ කිව් උද්භිත උද්‍යානයෙන් ගෙනැවිත්  පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ රෝපණය කරන්න  මුලින් තීරණය කලත් එහි දේශගුණය නොගැලපෙන බව සොයාගත්තට පස්සෙ ඇමේසන් ගංගා ආශ්‍රිත වනාන්තරබද දේශගුණයට සමාන දේශගුණයක් තිබූ ගම්පහ ප්‍රදේශය ඒ සදහා යොදා ගන්නවා. රබර් ශාකයේ නිජබිම බ්‍ර‍සීලය. ඒ සදහා  යොදාගන්තෙ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත.  ඒ 1876 වසරෙදි. පළමු ශාකයේ මල් හටගෙන තියෙන්නෙ ඉන් වසර 5 කට පස්සෙ. මේ අයුරින් රෝපණය කල පළමු ශාකය ස්වභාවික හේතු මත විනාශ වුවත් දෙවැනි ශාකය විනාශ වී තියෙන්නෙ 1988 දි ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුලගක් නිසා. එම ශාකයේ නටඹුන් අදත් උද්‍යානයේ දකින්නට පුලුවන්.  


උද්‍යානයේ පිවිසුම
http://images.travelpod.com/tripwow/photos4/ta-059f-2ecc-ee96/henarathgoda-botanical-garden-gampaha-sri-lanka+1152_13397552594-tpfil02aw-6868.jpg
ලංකාවේ පළමු රබර් වගාවේ මතකයන්
http://damithah.files.wordpress.com/2012/08/gihankashnuka-2290927.jpg

උද්‍යානයේ අසිරිය
http://serendib.btoptions.lk/cpanel/uploader/394/Paddleboats%20are%20.jpg.JPEG

එහෙව් ගම්පහට පය තියන්න දැන් ලංකාව පුරා විසිරී සිටින බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කියවන හැමෝටම අවස්ථාවක් එලඹිලා. ඒ තමයි බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා කොලුවා,සෑම් සහ අටම් පහුරා  ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට  අවශේෂ හිතවතුන්ගේ  සංවිධාන ශක්තියෙන්  කරළියට එන 

2013 බ්ලොග් ගෙට්ටුව 

(The Annaul Bloggers Get Together) 


නිළ ලාංඡනය

බ්ලොග්කරුවන්  පාරට බැසිය යුතුයි කියලා සෑමා දෙසැම්බර් මාසෙ පළමු වෙඩිමුරේ තිබ්බා...ඊටත් පස්සෙ අපේ රෙපා ගොයියත් සිංහල බ්ලොග් අවකාශයේ විකාශනය ගැන වටිනා ලියවිල්ලක් ලිව්වා. මේ කථා බහ අස්සෙ U Turn ගහන ජින්ජියත් කුමන්ත්‍ර‍ණ කථාවක් ඇද බෑවෙ නැතෑ... මේ විදියට කස ගහගෙන සැට් එක ඉදිරියට ආවෙ ගම්පහ බ්ලොග් ගෙට්ටුව ගැන කියන්න... ඒ වගකීම ඔන්න අවසානයේ සත්ගුණවත් සිරා කොලුවා අතින් ඉටුවෙනවා. 

2013 ජනවාරි 27 වන ඉරිදා තමයි ඔන්න දවස, දුටු , නුදුටු බ්ලොග්කරුවන්/කාරියන්/බ්ලොග් කියවන පාඨක සමූහයා එක තැනකදී හමුවෙන විරල අවස්ථාවක් තමයි මේ එළඹෙන්නට නියමිතව තියෙන්නෙ. ගෙට්ටුව තියෙන්නෙ ගම්පහ මල්වත්තෙ. ඒ කිව්වෙ ලංකාවෙ පළමු රබර් ගහ රෝපණය කරපු ඉසව්වෙ... ගෙට්ටුව ආරම්භ වෙන්නෙ උදෑසන 9.00 කණිසමට, බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ  අරමුණින් මේ වැඩේ සංවිධානය කරන  සිරා කොලුවා ඇතුලු නඩේ ලොකු සල්ලිකාරයො නොවන හින්දා උද්‍යානයට ඇතුලුවීමට අය කරන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තුව හා දිවා ආහාරයත් ඇතුලත් කරලා ප්‍රවේශ පත්‍ර‍යක් රු 200/- විදියට මිළ නියම කරලා තියෙනවා. ඒ සාධාරණ අයකිරීම ගෙට්ටුවේ වියදම් පියවාගැනීමේ අරමුණ වෙනුවෙනුයි යෙදවෙන්නෙ.

එදා උදේම උද්‍යානය වටේට පොඩි රවුමකුත් ගිහිල්ලා, මෙතෙක් කාලයක් හමුවෙලා නැති මිතුරන්/මිතුරියන් එහෙම අදුනගෙන විනෝද ක්‍රීඩා වලට සහභාගි වෙන්නත්, ජයග්‍රාහකයන්ට සමරු තිළිණයන් දෙන්නත් සංවිධායකයන් කටයුතු කරලා තියෙන්නෙ. දිවා ආහාරයෙන් පස්සෙ ඉතිං පුංචි පහේ සංගීත සාජ්ජෙකුත් දාන්නයි කල්පනාව. හවස 3.00 පමණ වෙද්දි ගෙට්ටුව අවසන් කරන නිසා දුර බැහැර අයට ආපසු නිවෙස් කරා යන්නත් බාධාවක් නොමැති වේවි.

ඔන්න දැන් අපි බොහොම වැදගත් කාරණා කීපයකට යොමු වෙනවා...ඒ නිසා පහතින් දැක්වෙන තොරතුරු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.

ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග්කරුවන් වගේම පාඨකයන්ටත්  ගෙට්ටුවට සහභාගී වීමේ අවස්ථාව පහසු කරන්න  නියෝජිතයන් කිහිප දෙනෙකු පත් කරලා තියෙනවා... ඔබට ආසන්න කෙනාට දුරකථනයෙන් අමතලා ගෙට්ටුවට සහභාගි වන ආකාරය පිළිබද දැනගන්න පුලුවන්... වරහන් ඇතුලෙ දක්වලා තියෙන්නෙ ඒ අය ලියන බ්ලොග් අඩවියෙ නම.

ගාල්ල - ගයාන් සම්පත් (ගුණෙ අයියා) 071 - 8309494
නුවර  - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල  - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර    - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර   - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199

කොළඹ සහ වෙනත් ප්‍රදේශ - 
ප්‍රදීප් චන්දන (ප්‍ර‍දීප්ගේ පිටුව) - 077- 2099578 / 071 - 3556165



සංවිධායකයින් අමතන්න අවශ්‍ය වුවහොත් මෙන්න නොම්බර

සංජීව සිරිවර්ධන (සිරා)  071 - 8043915
සමින්දික ශ්‍රීමන්ත (සෑම්)  077 -2271618


ගම්පහ ගෙට්ටුවට සහභාගි වෙන්න කැමති සියලුම අය අනිවාර්යෙන්ම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. එය සංවිධාන කටයුතු වලට සෑහෙන තරමේ පහසුවක්.

ගෙට්ටුව පිළිබද පණිවිඩය හැකි තරම් අය අතරට යවන්න ඔබේ බ්ලොග් අඩවියෙත් එහි ලාංඡනය , ෆෝම් එකේ ලින්කුවක් සමග පල කරන්න.

ගම්පහ ගෙට්ටුවේ නිළ ලාංඡනය මෙතැනින්



එහෙනං අදට කථාව අහවරයි. බ්ලොග්කරණයේ යෙදෙන නමුත් මෙතෙක් රූපයෙන් නුදුටු මිතුරු මිතුරියන් දැකගන්න, කථා බහ කරන්න, විනෝද වෙන්න  හැමෝම  ජනවාරි 27 ඉරිදා උදේ 9.00 වෙද්දි ගම්පහ මල්වත්තට ඒවි කියලා මම වගේම සෑම් සහ අටම්පහුරාත් බලාගෙන ඉන්නවා... බොලා නොවැරදීම එනවා නේද ?


සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින් 
 
 උපුටා ගැනීම සිරාගේ කාමරේ

1 comment:

  1. සහයෝගයට බෙහෙවින්ම ස්තූතියි මලයා...

    ReplyDelete