Monday, June 1, 2015

හිතුවක්කාර ආදරය - 8 කොටස


"ඒක නෙමේ බ්‍රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට"
"ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු."
"නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්"
"හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්"
"මේ ඒක නෙමේ බ්‍රයන් අද මාර වැඩක්නෙ උනේ"
"ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ"
"උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු"
"හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ"
"මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්"
"නෑ..... උඹ කතා කලාද"

"නැහැ මම එයාගෙ බයික් එක දැක්කෙ. ඉමාෂ මාව අඳුන්වල දෙන්න එක්කන් යන්න හදනකොටම තමා, උඹ කෝල් කලේ ඉක්මනට වරෙන් කියලා"
"එක වගේ බයික් කීයක් තියනවද බන්. උඹ නිකන් බය වෙලා ඉන්නෙ"
"පිස්සුද බන්.. ටානියගෙ එක මට අඳුරන්න බැරිද"
"හරි, දැන් ඕක ටානියගෙම කියහන්කො. එයාට ඉමාෂලගෙ ෆැමිලි එක්ක තියන ගනුදෙනුව මොකක්ද"
"ඒක තමා බන්.. අනේ මන්දා මට තේරෙන් නැහැ"
"හිතන්න එපා බන්. ඔය වගේ ඒවටද බන් අපි දෙන්න පහුගිය හෝරාවල මූණ දුන්නෙ. වරෙන් යන්න ගෙදර."

පසු දින උදෑසන කාර්යාලයට පැමිණි විගසම ඉමාෂා මගේ තොල්පොට තුවාල වී ඇති අයුරු දුටුවේය. මා රාත්‍රියෙහි ඒ ගැන සඳහනක් නොකලේ ඇය කලබලවන නිසාවෙනි. මගේ මතය සනාත කරමින් ඇය මා දුටු විගසම බැන වදින්නට විය. මාද නිහඬව සිටියේ මා වැරැද්දක් කල ඇති බව තේරුම්ගත් නිසාය. කෙසේ වෙතත් ඇගේ තරහ නිවීමට පැය තුනක පමන කාලයක් ගතවිය. එනම් මුළු උදය වරුවම නිහඬය. නිසලය.

"අඩම්බරකාරයො.. මම තරහ වෙලා කියල ගානක්වත් නෑ නේද? .. නපුර.. නපුර .. නපුර .."
"අහ් ඒකත් එහෙමද. ඔයා තරහ උනාද. කෝ එන්න මෙතන්ට, ඇවිත් මගේ ළඟින් ඉඳගන්න"
"මට ඕන කමක් නැහැ නපුරො ගාවට එන්න"
"හම්ම් .. මම හිතුවෙ නැහැ පොඩි දේකට මාව රිද්දවයි කියලා."
"අනේ නපුරො.. මම විහිලුවක් කලේ.. කෝ ඉන්න ළඟට එනකම්"
"ආ.. ඔය ආවේ. "
"මෙයා කරල තියෙන්නෙ රඟපෑමක්, මාව ළඟට ගන්න. ඔයානම් ... හරි හරි රිදෙන් නැහැ නේද මේ තුවාල"
"රිදෙනවා අනේ.. කිස් එකක් ලැබුනොත් නම් ඉතින් ..."
"ආ මේ ඔෆිස් එක හරිද. මන් පස්සෙ දෙන්නම්කො. ආයෙ රන්ඩු වලට යන්නෙ නැහැ කියල ඔය මට පොරොන්දු වෙන්න ඕන මේ දැන්මම"
"ඒ කියන්නෙ ආත්ම ආරක්ෂාවටත් බැරිද?"
"මොන රන්ඩුවක්වත් ඕනි නැහැ. වැරදි නොකර හිටියනම් රන්ඩු නැහැනෙ.. ඔයාට මොනව හරි උනොත් අඩම්බරකාරයො.. මම කොහොමද හිත හදාගෙන ඉන්නෙ"

ඇගේ හිත රිදවීමට මා අකමැති වූ නිසා ඇය කියූ පරිදිම ඇගේ හිස මත මම දිවුරුවෙමි. මාගේ දෙතොල් මත තැබූ හිතුවක්කාර හාදුවක්ද සමග ඇය මා සිටිනා තැනින් නොපෙනි ගියේ ඇයව තව තවත් මගේ සිතට ලං කරමින්ය. ඇය නොපෙනී ගොස් ත්ප්පර කීපයක් ගතවිමටත් මත්තෙන් බ්‍රයන් ඇතුළු වූයේ කලබල ගතියකිනි.

"උඹට පිස්සු හැදිලද බොල, මොකක්ද ඒ කලේ ඉමාෂාව ඇතුලෙ තියාගෙන"
"මුකුත් නැහැ ඉතින්.. උඹ කොහොමද දැක්කෙ"
"ඒකනෙ කියන්නෙ, මම එනව උඹ දන්නෙත් නැහැ එතකොට. මම දොර මුර කලා කවුරුහරි එයි කියල හිතල"
"වෙල්ඩන් පුතා.. වෙල්ඩන් .. ඔන්න යාළුවො"
"ඒක නෙමේ, උඹේ මේ ආදර ජවනිකාව නිසා මට ආව කාරනෙත් අමතක උනා. අළුතින් ආව සම්පතය කාටදෝ මන්දා ලයිෆ් ඉන්ෂුවර්න්ස් එකක් දාලා බොරු කියලා"
"බොරු කියල කිව්වෙ"
"අරව තියනව මේව තියන්ව කියල දාල තියෙන්නෙ. වරිකය මාසෙට පහළවක්. කස්ටමර්ට කෝකටත් සැක හිතිල බොසාට කෝල් කරලා. මිනිහ බොසාගෙ යාළුවෙක්ලු. සම්පතයට බැනල අම්බානෙට. කස්ටමර් ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් බලහන්කො මොනව හරි කරන්න"
"හරි හරි, මම මිනිහ ගැන බලාගන්නම්, උඹ බොසාව කූල් ඩවුන් කරපන්. සම්පතයය එවහන් මගේ ගාවට මේ සේරම කූල් ඩවුන් උනාට පස්සෙ"

සම්පත්ගේ ක්‍රියාව නිසා හවස් වරුවද ගෙවී ගියේ අපට හොරාවමය. සම්පත් විසින් සිදුකර ඇතිතේ බරපතල වරදකි. ඔහු කතාකල ජීවිත රක්ෂනයේ වාරිකය වැඩි නිසාත් එයින් ඔහුට ලැබෙන කොමිස් මුදල වැඩි නිසාත් එසේ අසත‍ය දේ පවසා ඇත. සම්පත්ව මගේ කාර්යාලයට ගෙන්වා ඔහුට මම තදින්ම්ම අවවාද කලේ ඔහු නිසා අද මට ඇසීමට සිදූ වූ දේවල් නිසාය. එමෙන්ම අප ආයතනයේ නමට ඇතිවූ හානියද නිසාය.

"දිනුක, මොනාද අර ආව මිනිහ ඔයාට කිව්වෙ. හරියට ඔයා වැරැද්දක් කලා වගේනෙ. ඔයා කොහොම ඉවසගෙන අහගෙන හිටියද මන්දා. මම නම් අනිනවා හොම්බට ඒ මිනිහගෙ. ඒ මදිවට සම්පතය. එයා නිසානෙ මේ සේරම."
"ඕව ඔහොම තමා ඉමාෂා. ඔයිට වඩා දේවල් අහල තමා අද මම මේ තත්වයේ ඉන්නෙ"
"ඒ උනාට එහෙම බැහැනෙ"
"හරි හරි දැන් යමු ගෙදර"
"ඒක නෙමේ හෙට නිවාඩුනෙ.. පොඩි වැඩක් කරමුද"
"හෙට බ්‍රහස්පතින්දනෙ ළමයො. කොහෙද නිවාඩු තියෙන්නෙ හෙට"
"අනේ මගෙ මෝඩ කොල්ලො.. හෙට පෝය"
"ඒකත් එහෙමද.. මට අමතක උනානෙ"
"අපි හෙට සිල් ගන්න යමු.. මට හරි ආසයි ළමා සාරිය ඇඳල බෝ මළුව වටේ ඇවිදින්න ඔයා ළඟින්"
"ඉතින් ඕකට සිල් ගන්නම ඕන නැහැනෙ. අපි හවස් වෙලා එමු පන්සලට"
"එහෙම බැහැ.. එනවද නැද්ද"

හදිසියේම යෙදුනාවූ සිල් ගැනීමේ කටයුත්ත නිසා මාගේ ඔළුව අවුල් ජාලයක් වී තිබුනි. මම පහ වසරේ සීල් සමාදන් වූවාට පසුව එම වචන කීපය ඇසුවෙත් ඇය්ගේ මුවින් විය. වැස්සකටවත් පන්සලට නොයන මා දුටුවිට අප පන්සලේ නායක හාමුදුරුවොත් පුදුමවනු ඇතැයි නොඅනුමානය. සිල් සමාදන්වීම් තරයේ ප්‍රතික්ෂේප කලද මට ඇය හා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නොවීය.

"තාත්තෙ සුදු සරමක් තියනවද?"
"සරමක් .. මොකද මේ කවදාවත් නැතිව සරමක් හොයන්නෙ"
"හෙට සිල් ගන්න තාත්තෙ"
"අයියේ ... ඔයා හොඳින් නේද.. ඔයාට අසනීපයක්වත්ද"
"අනේ මේ.. පැත්තකට වෙලා ඉන්නවද මගෙ යකා අවුස්සන් නැතිව"
"නංගිගෙ කතාව ඇත්ත තමා. වැස්සකටවත් පන්සල් යන් නැති තමුසෙට එක පාරම ආව මේ සිල් සමාදන් වීම මොකද්ද"
"මේ .. මේ .. ඉමාෂට හෙට සිල් ගන්න ඕනලු තාත්තෙ"
"ඒක තමා මේ.. ආදර සීලයක්"
"මම කැමති නැහැ තාත්තෙ. ඒත් ඉමාෂාට බැහැ කියන්න බැරි කමට යන්නෙ. "
"ඒ ළමය හින්ද හරි තමුසෙ පන්සලකට පල්ලියකට යන එකනම් ලොකුදෙයක්. අල්මාරියේ ඇති සුදු සරමක්, බලල ගන්න"
"කොහොම හිටිය කොල්ලෙක්ද තාත්තෙ මේ. කෙල්ලෙක් නිසා හා පැටියෙක් වගේ වෙලා මගෙ අයියා"
"අනේ මේ.. කාමරයට ගිහින් පාඩම් කරනවද"
"ආදරේ කෙසේ වෙතත් ඒ අක්ක ආත්ම ගානකට පිනක් කරගන්න යන්නෙ මෙයාව පන්සල් එක්කන් ගිහින්"
"ඕක නවත්තනව දෙන්නම. අයිය එක්ක රන්ඩු අල්ලන්නෙ නැතිව ඔයා ගිහින් පාඩම් කරන්න"
"හරි හරි තාත්තෙ. කෝකටත් හෙට දවස ගැන නෝට් එකක් දාගන්න ඕන. සොබා දහම පවා කැළඹෙයි මෙයා පන්සලක සිල් සමාදන් වෙනවා දැක්කහම"
"දුව මම ඔයාට එකපාරක් කිව්වා දැන්..."

නංගීගෙන් නෝන්ඩි පිට නෝන්ඩි වැටුනද ඒ සියල්ලම මම මගේ ආදරය නිසා ඉවසාගෙන සිටියෙමි. මාගේ සිල් සමාදන් වීම ගැන අම්මාටද අදහාගැනීමට අපහසු කරුනක් වූවේය. අම්මාද සිටියේ නංගීගේ මතයේය. පසුදින උදේ පාන්දරම අපි දෙදෙනාම කතාකරගත් පරිදි පන්සලට ගියෙමු. අප නායක හාමුදුරුවෝ මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේ නංගීගේ මතය සනාතකරමින්ය.

"බලන්න ඔයාගෙ ලස්සන දිනුක. සුදු නෙළුම් මලක් වගේ අද ඔයා"
"ආ ඇත්තද... කවුරු හරි පූජ කරයි බලාගෙන"
"ඒව කොහෙද මම ඉන්නකොට අඩම්බරකාරයො"

මගේ ජීවිතයේ ගතකල අමාරුම දවස්වලින් එකක් ලෙස මට අද දිනය හැඳින්විය හැකිය. පැය ගනනාවක්ම එකම තැනකට වී මෙලෙස සිටියේ මා පහ වසරේදී සිල් සමාදන් වූවාට පසුවය. නමුත් අද දින පන්සලේ ගත කිරීම නිසාදෝ මගේ හිතට සැනසීමක් දැනෙන්නට විය. විඩාකාරී වූ සිතට සහනයක් දැනෙන්නට විය.


"ගුඩ් මෝර්නිං දිනුක.. මොකෝ බන් ඊයෙ දවසෙම ෆොන් ඔෆ්"
"අපි සිල් ගත්තනෙ"
"අපි කිව්වෙ කව්ද"
"කව්ද ඉතින්, මමයි ඉමාෂයි"
"සිරාමද ඔය් කියන්නෙ, ඒක තමා ඊයෙ වැහි පොදක් ගියෙ. යකෝ උඹව පන්සලක දකින්න පිං කරල තියෙන්නෙ ඕන"
"ඔන්න ඔන්න ඉතින් උඹත් මට නෝන්ඩි දානවනෙ.. මගෙ කැමැත්තක් තිබුනෙ නෑ බන්. එයාගෙ හිත රිද්දන්න බැරි නිසා ගියෙ"
"හම්ම්... ඒ කෙල්ල හොඳයි බන්. වෙන උන් නම් රූම් එකකට යමු, ෆිල්ම් එකක් බලමු බොක්ස් ටිකට් එකකට, ඔය වගේ දේවල්නෙ කියන්නෙ. ඒ අතින් බල්නකොට උඹේ කෙල්ල දාහකින් සම්පතක්"
"ඔන්න ආයෙමත් රන්ඩුවලට යන්නෙ නැහැ කියල මගෙන් පොරොන්දු ගත්තා බන් පන්සලේදි"
"ඇඩෙනවනෙ ඉතින් තනි ඇහැට.. අද ඉඳන් කාපන්කො ගුටු සේරම මම තනියම"
"හරි හරි බලමුකො ඒක පස්සෙ අපි"
"රටක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක්නෙ මේ කෙල්ලෙක් හින්ද චොර වෙන්නෙ"
"ආදරේ හැටි මචෝ ... ආදරේ හැටී"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

No comments:

Post a Comment