කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Monday, December 14, 2015
හිතුවක්කාර ආදරය - 29 කොටස
නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.
"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, November 27, 2015
හිතුවක්කාර ආදරය - 28 කොටස
ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.
"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, November 16, 2015
හිතුවක්කාර ආදරය - 27 කොටස
"කව්ද ඉමාෂා කියන්නෙ"
එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.
"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, November 3, 2015
හිතුවක්කාර ආදරය - 26 කොටස
ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රවය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින් තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය. එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට හැකි විය.
ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම දැඩිවම සිතුවෙමි.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, October 21, 2015
හිතුවක්කාර ආදරය - 25 කොටස
"මොකද පුතේ අද උදෙන්ම"
"ඉවරකරන්න බැරි උන වැඩ වගයක් තියනවා අම්මෙ. අද උදේ නමයට කලින් දෙන්න ඕන. ඒකයි මේ උදෙන්ම යන්න කියල බැලුවෙ"
"අහ් අයියෙ.. ගුඩ්මොර්නිං. මොකද මේ අද කුකුලත් අතේ අරන්ම යන්න හදන්න්නෙ. අනේ මේ ඒක නෙමේ මට ඇඳුම් වගයක් ගන්න තියනවා. කීයක් හරි දෙන්නකො. ඔයා ඉතින් මගෙ සුදු අයියනෙ."
"ඔයාගෙ බටර් ඕන නැහැ. මගෙ මේසෙ උඩ ඇති පන්දාහක්. ඒක එහෙම්මම් තියල ලාච්චුවේ තියන එක්දහස් පන්සීය අරන් යනවා"
"ඒක්දහස් පන්සීයෙන් මොනා ගන්නද අනේ. ඔනේ නෑ ඔයාගෙ සල්ලි. මම තාත්තගෙන් ඉල්ල ගන්නම්"
අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට ගිල දැමූ මම පුළුවන් තරම් ඉක්මනින් අපගේ සුපුරුදු ස්ථානටට පැමිනියෙමි. මා එන විටද මොහොමඩ් එම ස්තානයට පැමින සිටියේය. ඔහුද තරමක් නොසන්සුන්තත්වයේ සිටියේ ඊයේ රාත්‍රියේ පුවත නිසා විය යුතුය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)
