කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Wednesday, June 24, 2015
හිතුවක්කාර ආදරය - 11 කොටස
මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්රමාද නිසා විය යුතුය.
"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo, Sri Lanka
Tuesday, June 9, 2015
හිතුවක්කාර ආදරය - 10 කොටස
විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්රහනයකි.
"ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද"
"ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්රමසින්හ එනවා කිව්වා"
"ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්රයන් කකුල කොහොමද දැන්"
"තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි"
"ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ"
"අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, June 4, 2015
හිතුවක්කාර ආදරය - 9 කොටස
කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු.
"කොහොමද අම්මෙ ඒ අක්කි"
"අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ"
"අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්"
"අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, June 1, 2015
හිතුවක්කාර ආදරය - 8 කොටස
"ඒක නෙමේ බ්රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට"
"ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු."
"නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්"
"හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්"
"මේ ඒක නෙමේ බ්රයන් අද මාර වැඩක්නෙ උනේ"
"ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ"
"උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු"
"හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ"
"මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්"
"නෑ..... උඹ කතා කලාද"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, May 27, 2015
හිතුවක්කාර ආදරය - 7 කොටස
"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"
"අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"
"මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"
"හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"
"අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"
ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)