කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Thursday, June 4, 2015
හිතුවක්කාර ආදරය - 9 කොටස
කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු.
"කොහොමද අම්මෙ ඒ අක්කි"
"අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ"
"අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්"
"අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, June 1, 2015
හිතුවක්කාර ආදරය - 8 කොටස
"ඒක නෙමේ බ්රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට"
"ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු."
"නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්"
"හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්"
"මේ ඒක නෙමේ බ්රයන් අද මාර වැඩක්නෙ උනේ"
"ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ"
"උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු"
"හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ"
"මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්"
"නෑ..... උඹ කතා කලාද"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, May 27, 2015
හිතුවක්කාර ආදරය - 7 කොටස
"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"
"අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"
"මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"
"හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"
"අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"
ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, May 19, 2015
හිතුවක්කාර ආදරය - 6 කොටස
ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි නිසාය. බ්රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්රමාද නොවී නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට ගියේ අසීස්ව මුනගැසීමටය.
"ඔයාල දෙන්න ආවද.. මම මේ දැන් ටිකකට කලින් කටුනායකින් බැස්සෙ. කෙලින්ම ආවෙ ඔයාල දෙන්න මීට් වෙන්න. එදා මොකද උනේ"
බය්රන් පෙරදා රාත්රීයේ සිදුවූ සියල්ල එකිනෙක පැහැදිලි කරන්නට විය. අප එහෙ යාමට අදහස් කල අයුරුද, අපට එහෙදී දැනගන්න ලැබුන දේවල්ද, මොහොමඩ්ගේ පැමිනීම පිළිබඳවද බ්රයන් ක්රමානුකූලව පැහැදිලි කලේය.
"මට හිතාගන්නත් බැහැ මේ මිනිහ සල්ලි වලට විකුණුනා කිව්වහම. මිනිහට සල්ලි ඕනි නම් මගෙන් ඉල්ලලන්න තිබුනනෙ"
"තව එකක් අසීස් හොඳ වෙලාවට මිනිහ මාවයි දිනුකවයි දැනගෙන ඉඳල නැහැ"
"ඔව් නැතිනම් මොනවයින් මොනව වේද දන්නෙ නැහැ, දිනුක දැන් ආදරව්න්තයෙක් නේද"
"හා හා හා ඔව් ඔව්.. ඒ පට්ටමත් ගත්තා ඔන්න"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, May 18, 2015
“I Was Rejected From Harvard 10 Times”, Alibaba CEO On Persistence
Last year, Alibaba raised the largest Initial Public Offering on the New York Stock Exchange, at the tune of Rs3,370.03 Billion, valuing the company at approximately Rs26,960.28 Billion and Jack Ma’s net worth at Rs2,696.03+ Billion.
In his interview (video above), he gave a few interesting tips on his success:
Labels:
CEO,
Life Story
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)