Saturday, August 31, 2013

ඔයාත් උත්සහ කරල බලන්නකෝ

මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.

මේ ක්රමයෙන් Rs 50000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනව. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs 10000ක් වගේ තමයි හොයන්න පුළුවන්.

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

Saturday, January 12, 2013

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි.  කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍ර‍මාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස අනුව ඉහළගම, පහළගම, මැදගම, අළුත්ගම සහ පට්ටියගම ලෙස ඒවා හැදින්වෙයි. නමුත් පට්ටියගම පිහිටා ඇත්තේ නගර සීමාවෙන් පිට නිසා පස්වන ගම ලෙස ඇතැම්හු  යාගොඩ ප්‍රදේශයද ඈදා ගනී.

සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍ර‍මණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ  ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍ර‍මාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද  ඉහළට එසැවිනි.

Sunday, December 16, 2012

PHP මුල සිට සරලව- පාඩම 04

හුග දවසකට පස්සේ නිවාඩුවක් ලැබුනේ කමක් නෑ එකට
මම අද ඔයාලට කියන්න යන්නේ අමුතුම දෙයක් ගැන ඒ තමයි මගේ PHP ම් සෙට් එකේ වැදගත් කොටස මොකද තියටිම කියද්දිත් කම්මැලිනෙ මම අද ඔයලාට දෙනවා මම දැකපු හොදම PHP ටියුටෝරියල්  ටික ඔයාලත් බලලා හොදයි නම් යමක් ගන්න පුලුවන් දෙයක් තියෙන්නවා නම් ගන්න අරගෙන බලලා සතුටුඉ නම් කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න් එපා හොදේ

වැඩි කතා ඕනේ නෑ මෙන්න බඩු ටික

Friday, November 9, 2012

PHP මුල සිට සරලව- පාඩම 03

Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න
*************************************************************
Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.



 
 Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?

අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.









Friday, November 2, 2012

PHP මුල සිට සරලව- පාඩම 02

PHP වැඩ කරන්න ඔනේ නම් ,අනිවාර්යෙන් Wamp හෝ Xampp  පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.

*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්


*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න     ඉඩ තියෙනවා

********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************

1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.

[Image: howtoinsta.jpg]

2) දැන් "Next" Button එක click කරන්න.

[Image: howtoikqk.jpg]