Wednesday, November 2, 2016

හිතුවක්කාර ආදරය - 34 කොටස


මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය.

"පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා"
"අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද"
"අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට."
"එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො."

Monday, October 24, 2016

හිතුවක්කාර ආදරය - 33 කොටස


වැඩරාජකාරීන් සමග දවසින් දවස තප්පරයෙන් තප්පරය ගෙවී යද්දී දින සති මාස පිළිබඳව අදහසක් නොතිබූ තරම් උවද පියුමි මගේ සිත තුල වැඩි වැඩියෙන් සක්මන් කලේ මටත් හොරාවටමය. ඇගේ ආදරය ඇගේ සුවඳ මෙන්ම ඇගේ මතකයන්ම මා හට තදින්ම දැනෙන්නට වූයේ මා මෙහි තනී වි සිටි නිසා විය යුතුය. මගේ හිතට දැනෙන්නා වූ දුක කියන්න අම්මාවත් ළඟ සිටියානම් යන සිතිවිල්ල මගේ සිතේ දළුලා තුබුනේ ඇය සිටියානම් ඇගේ ඔඩුක්කුවට වී හිස තබා ගෙන සිටිය හැකි නිසාය. එසේනම් ඇය මගේ හිස අතගාමින් මට අවවාද කරනවා නොඅනුමානය.

පියුමි, වර්ණකුලසූරිය හා ඩුබාහි ජීවිතය යන තුනම සමබර කිරීමට අපහසු වූයේ පියුමිගේ මතකයන් තවමත් මගේ හිත කොනක ඉතිරි වී මා නොසිතූ ලෙස මසිත රිදවූ නිසාවෙනි. අවස්තා කීපයකදීම මේ රැකියාව අමතක කර නැවත යාමට අදහසක් මසිත තුල පැන නැගුනද මා ඒ සියලුම සිතිවිලි පාලනය කර ගත්තේ මේ රැකියාව නිසා මා ලබාගත් දේ බොහොමයක් නිසාය. නමුත් මා ඇයට පිටුපා ඇයව රිදවා ඇගෙන් වෙන්වී යාම මගේ යටි සිත කවදාවත්ම නොපිළිගත් නිසාදෝ ඇයව ඇමතීමට මම කීපවරක්ම උත්සහ කලද සියලුම අවස්තා සාර්ථක නොවුනේ ඇයිද යන්න මම නොදැනසිටියෙමි. මම ඇයට කොතරම් පෙම් කලත් ඇගේ ජීවිතයෙන් ඈත්ව සිටීම ඇයට කරනා සාධාරනයක් බව මම දැන සිටියෙමි. මක්නිසාද යත් ඇයට සැප සම්පත් පිරි ලස්සන පිරිසිදු ජීවිතයක් උරුම වූ නිසාය.

Friday, October 21, 2016

හිතුවක්කාර ආදරය - 32 කොටස


හිතට දැනෙන්නාවූ සාන්කාව නිසාත් හරිහැටි නින්දක් නොලැබීමෙන් මා වෙහෙසට පත්ව සිටි නිසාත් ගුවන් ගමන අතරතුර මම සුව නින්දක පහස විඳගත්තෙමි. මොහොමඩ් විසින් ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක් වෙන්කිරීම නිසා සුවපහසු තෙහෙට්ටුවක් නැති ගුවන් ගමනක් නිම කිරීමට මට හැකිවිය. මොහොමඩ් පැවසුවා පරිදිම අසීස් මා රැගෙනයාමට එහි පැමින සිටියේ ඔහුගේ සොහොයුරාද සමගය. වෙනදාට වඩා ඔහු සුවෙන් සිටිනාබව ඔහුව දුටු විගසම මා හට තේරුම්ගියා සේම තරමක් දිගට වවා තුබූ ඔහුගේ රැවුල පමනක් වෙනස් වී තුබුනේ එය තඹ පැහ වර්ණයකින් වර්ණ ගන්වා තිබූ නිසාය.

"වෙල්කම් ටු ඩුබායි පුතා.. පොඩ්ඩක් ඇදිල ගිහිල්ලද මන්දා. මොහොමඩ් මට සේරම විස්තරේ කිව්වා. ඉස්සෙල්ල්ම යමුකො ගෙදර."
"කොහොමද නසීම්"
"හොන්දින් ඉන්නවා දිනුක.. ගෙදර ගිහින් මොනව හරි කාලම කතාකරමුකො විස්තර"

Wednesday, October 19, 2016

හිතුවක්කාර ආදරය - 31 කොටස


කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.

"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"

Wednesday, December 23, 2015

හිතුවක්කාර ආදරය - 30 කොටස


"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."