Wednesday, July 8, 2015

හිතුවක්කාර ආදරය - 13 කොටස


"හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට නොතේරෙනව නොවේ. "

සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ස්තීර භත්හිකයෙකු නොවූවත් මගේ ළඟ සිටි මගේ මිතුරා හා ඒ ආදරේ මගෙන් මෙලෙස උදුරාගත්තේ ඇයිදැයි යන්න මම උන්වහන්සේගෙන් විමසා සිටියෙමි.

සරත් සර්ගේ ස්තූති කතාවත් සමගම ආගමික වැඩ කටයුතු හා අනෙකුත් සියළුවැඩ කටයුතු නිමා උවත් නිවන්ති මෙමෙ ස්තානෙයේ නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. අප දෙදෙනාගේ ළඟින්ම සිටි මිතුරියක් වූ ඇය බ්‍රයන්ගේ එකම ආදර හිමිකාරියද වූවාය. ඇය වෙනුවෙන් බ්‍රයන් ඔහුගේ ජීවිතයද ඔට්ටු ඇල්ලූ අවස්තා අනන්තය. නමුත් ඇයට මෙම ස්තානයට පැමිනිය නොහැක. ඇයද ඇගේ ජීවිතය හා පොරබදිමින් සිටින්නේය. සියළුම වැඩ කටයුතු අවසානයේ සියළුම දෙනාගේ දුක් සෝසුම් මැද්දේ, කඳුළු වරුසාවන් මැද්දේ ඔවුන් දෙදෙනා අවසාන ගමන් ගියේ ලස්සන වූ මතකයන් සියළු දෙනාගේ සිත් තුල ඉතිරිකරවමින්ය. එමන්ම ලස්සන ආදර කතාවක ඇරඹුමම කඳුලක් කරමින්ය.

Saturday, July 4, 2015

හිතුවක්කාර ආදරය - 12 කොටස


මම නැතව පියවි සිහියට එන විට තරමක් සුව පහසු ඇඳක් මත වැතිර හිටියෙමි. දෙනෙත් විවර කර මා සිටි තැනින් නැගිටීමට උත්සහ කලද හිසෙට දැනුනු දැඩි වේදනාව නිසා මම එලෙසම සිටියෙමි. බොඳුවූ දෑසින් මම තාත්තාගේ රුව දැක ඔහුට කතාකෙරුවෙමි. එවිට ඔහුගේ විදානය මත හෙදියන් කීප දෙනෙක් හා අම්මාද නන්ගීද මා අසලට පැමිනියේය.

"තාත්තෙ ... මොකද උනේ ... බ්‍රයන් ..."

මා එසේ පවසනවාත් සමගම තාත්තාගේ දෙනෙතින් ගිලිහුනු කඳුළු බිඳු මා අත මතට එකිනෙක වැටුනේ මාගේ දෙනෙත් ද කඳුලින් පුරවමින්ය. ඇසීමට නොයෙකුත් දේ තිබුනත් සිදුවූ දේ පිළිබඳව දැන ගැනීමට ආසාවක් තිබුනද මම මද වෙලාවක් නිහඬව සිටියේ මගේ සිත සනසා ගැනීමටය.

Monday, June 29, 2015

5 Rules To Ensure Proper Programming Style

Following a proper programming style lets you increase functionality. There are multiple rules you can follow to attain better programming style. You need to ensure a visible reduction in occurrence of software disasters. Today we have listed 6 rules to follow to adopt to proper programming style.



Wednesday, June 24, 2015

හිතුවක්කාර ආදරය - 11 කොටස



මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය.

"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"

Tuesday, June 9, 2015

හිතුවක්කාර ආදරය - 10 කොටස


විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්‍රහනයකි.

"ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද"
"ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා"
"ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්"
"තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි"
"ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ"
"අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්"