කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Tuesday, May 19, 2015
හිතුවක්කාර ආදරය - 6 කොටස
ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි නිසාය. බ්‍රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්‍රමාද නොවී නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට ගියේ අසීස්ව මුනගැසීමටය.
"ඔයාල දෙන්න ආවද.. මම මේ දැන් ටිකකට කලින් කටුනායකින් බැස්සෙ. කෙලින්ම ආවෙ ඔයාල දෙන්න මීට් වෙන්න. එදා මොකද උනේ"
බය්‍රන් පෙරදා රාත්‍රීයේ සිදුවූ සියල්ල එකිනෙක පැහැදිලි කරන්නට විය. අප එහෙ යාමට අදහස් කල අයුරුද, අපට එහෙදී දැනගන්න ලැබුන දේවල්ද, මොහොමඩ්ගේ පැමිනීම පිළිබඳවද බ්‍රයන් ක්‍රමානුකූලව පැහැදිලි කලේය.
"මට හිතාගන්නත් බැහැ මේ මිනිහ සල්ලි වලට විකුණුනා කිව්වහම. මිනිහට සල්ලි ඕනි නම් මගෙන් ඉල්ලලන්න තිබුනනෙ"
"තව එකක් අසීස් හොඳ වෙලාවට මිනිහ මාවයි දිනුකවයි දැනගෙන ඉඳල නැහැ"
"ඔව් නැතිනම් මොනවයින් මොනව වේද දන්නෙ නැහැ, දිනුක දැන් ආදරව්න්තයෙක් නේද"
"හා හා හා ඔව් ඔව්.. ඒ පට්ටමත් ගත්තා ඔන්න"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, May 18, 2015
“I Was Rejected From Harvard 10 Times”, Alibaba CEO On Persistence
Last year, Alibaba raised the largest Initial Public Offering on the New York Stock Exchange, at the tune of Rs3,370.03 Billion, valuing the company at approximately Rs26,960.28 Billion and Jack Ma’s net worth at Rs2,696.03+ Billion.
In his interview (video above), he gave a few interesting tips on his success:
Labels:
CEO,
Life Story
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, May 14, 2015
හිතුවක්කාර ආදරය - 5 කොටස
අපට හදිසියේම මුහුණපෑමට වූ අවස්තාව පිළිබඳව කතාබහකරිමින් අපි දෙදෙනාම අපගේ සුපුරුදු මේසයට වී පැයක් පමණ කාලය ගතකෙරුවෙමු. නමුත් ඩිමන්තව නැවත එලියට ගනුයේ කෙසිදැයි අප දෙදනා තුලම හරි අදහසක් නොතිබූ අතර බ්‍රයන් ගේ මතය වූයේ ඔහුගේ කතාව ලොවටම අභිරහසක් කරමු යන්නය. මොහොමඩ්ගෙන් බ්‍රයන් ට ලැබුන ඇමුතුමෙහි සිනාඩි විස්සක් පමණ එල්ලී සිට බ්‍රයන් නැවතත් කතාව ඇරඹියේ බලාපොරොත්තු කඩ වූ හඬකිනි.
"ඩිමන්තව එලියට ගන්න විදිහක් නැහැළු බන්"
"ඒකත් එහෙමද, අපි යමු ඩිමාගෙ ගෑනිව මීට් වෙන්න"
"මටත් හිතුනා, ඒත් වැඩක්වෙයිද?"
"යන්කො.. ඒක නෙමේ උඹ දන්නවද ඩිමාගෙ ගෑනිව. මමනම් දැකලවත් නැහැ"
"මමත් එහෙම තමා. මොකද්ද උඹෙ පොයින්ට් එක"
"බ්‍රයන්, මුන් කොහොම කිව්වත් ඩිමා කොටු උනා කියන එක මට හිතන්න බැහැ. මොකද ඩිමා කියන්නෙ අපි දෙන්නටත් වඩා මොළකාරයෙක්. අනික බන් අපි දෙන්නට වඩා මිනිහට මේ වැඩගැන හොඳ පලපුරුද්දක් තියනවා."
"හරි දැන් උඹ කියන්නෙ මේක උගුලක් කියලද, හබැයි දිනුක මටත් ඔය ඩිමාව කොටු උනා කියන එක හිතන්න බැහැ. දිනුක අපි මෙහෙම වැඩක් කරමු, අපි යන් ගෑනීව මීට් වෙන්න පොලිසිය්න් වගේ. ගිහින් ගෑනි එක්ක ටිකක් කතා කරමු"
"හොඳ අදහසක් .. යමු"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, May 11, 2015
හිතුවක්කාර ආදරය - 4 කොටස
"ගුඩ් මෝර්නිං දිනුක.."
"ගුඩ් මෝර්නිං නිවන්ති:
"බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. "
"එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්"
"අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන් කරවන් නැතිව ඉන්නවද උදෙන්ම"
"හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව උඹගාවට එවන්නම්කො"
බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත් ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, May 8, 2015
හිතුවක්කාර ආදරය - 3 කොටස
දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි.
"දිනුක, ඔයා බිසීද?"
"ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්"
"අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න"
"හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)
