අපට හදිසියේම මුහුණපෑමට වූ අවස්තාව පිළිබඳව කතාබහකරිමින් අපි දෙදෙනාම අපගේ සුපුරුදු මේසයට වී පැයක් පමණ කාලය ගතකෙරුවෙමු. නමුත් ඩිමන්තව නැවත එලියට ගනුයේ කෙසිදැයි අප දෙදනා තුලම හරි අදහසක් නොතිබූ අතර බ්‍රයන් ගේ මතය වූයේ ඔහුගේ කතාව ලොවටම අභිරහසක් කරමු යන්නය. මොහොමඩ්ගෙන් බ්‍රයන් ට ලැබුන ඇමුතුමෙහි සිනාඩි විස්සක් පමණ එල්ලී සිට බ්‍රයන් නැවතත් කතාව ඇරඹියේ බලාපොරොත්තු කඩ වූ හඬකිනි.
"ඩිමන්තව එලියට ගන්න විදිහක් නැහැළු බන්"
"ඒකත් එහෙමද, අපි යමු ඩිමාගෙ ගෑනිව මීට් වෙන්න"
"මටත් හිතුනා, ඒත් වැඩක්වෙයිද?"
"යන්කො.. ඒක නෙමේ උඹ දන්නවද ඩිමාගෙ ගෑනිව. මමනම් දැකලවත් නැහැ"
"මමත් එහෙම තමා. මොකද්ද උඹෙ පොයින්ට් එක"
"බ්‍රයන්, මුන් කොහොම කිව්වත් ඩිමා කොටු උනා කියන එක මට හිතන්න බැහැ. මොකද ඩිමා කියන්නෙ අපි දෙන්නටත් වඩා මොළකාරයෙක්. අනික බන් අපි දෙන්නට වඩා මිනිහට මේ වැඩගැන හොඳ පලපුරුද්දක් තියනවා."
"හරි දැන් උඹ කියන්නෙ මේක උගුලක් කියලද, හබැයි දිනුක මටත් ඔය ඩිමාව කොටු උනා කියන එක හිතන්න බැහැ. දිනුක අපි මෙහෙම වැඩක් කරමු, අපි යන් ගෑනීව මීට් වෙන්න පොලිසිය්න් වගේ. ගිහින් ගෑනි එක්ක ටිකක් කතා කරමු"
"හොඳ අදහසක් .. යමු"
අපි දෙදෙනාම පළමුව නැවතත් අපගේ කාර්යාලය වෙත ගියෙමු. මුරට සිටිනා අන්කල්ට බ්‍රයන් ඇඹරූ බොරුව නිසා අප දෙදෙනාටම ලෙහෙසියෙන්ම ඇතුලුවීමට හැකිවිය. අපගේ කාර්යාලයෙ අප තබා තිබූ කබා දෙකක්ද දමාගත් අප දෙදෙනා ඩිමන්තගේ ගෙදරට ගියේ මොහොමඩ්ගේ මගපෙන්වීම මතය. අප ගෙට ඇතුළුවෙනවාත් සමගම ඔහුගේ බිරිඳ අපව දැක අප ඉදිරියට ආවේය.
"සර්ල වේලාසනම ඇවිත්නෙ. ඔන්න ඔයලා කිව්ව විදිහට මන් බඩු ලෑස්තිකලා. මහත්තය බාත් රූම් එකේ"
ඇයගේ කතාවත් සමගම අප දෙදෙනාම නිහඬවිය. ඈ ඉයූ ඒ හතරබීරි කතාවේ තේරුම මොකක්දැයි අපි කල්පනාකෙරුවෙමි. නමුත් ඩිමන්ත මුද්ලට අපව පාවා දී ඇති බව අපට වැටහීමට එතරම්ම කාලයක් ගත නොවීය. මදකට නිහඬ වූ වේදිකාවමත පළමුව රඟ දැක්වූයේ බ්‍රයන්ය.
"ඔව් මිස් අපි ටිකක් වේලාසනින් අවා, මොකද ඩිමන්තගෙ ජීවිතේ අනතුරේ නිසා, මිස්ට අතපත්තු මේ මිස්ගෙ බෑග් ටික හරිද බලන්න"
"ඔකේ සර්.. සර් මේ බෑග් බර වැඩි වගේ නැද්ද"
"මටත් එහෙම හිතුනා. මිස් ඔයාට කිලෝ තිහකට වඩා එක බෑග් එකකට දාන්න බැහැ. ඔය අනවෂයය දේවල් අයින් කරන්න"
"අනේ සර්, මගේ මිනිහට කරදරයක් වෙන්නෙ නැහැ නේද. එයා මොනවත් දන්නෙ නැහැ සර්."
"හරි හරි අපේ කට්ටිය ඒ ගැනැ කතා කලානෙ. එයා කා එක්කද සම්බ්න්ද කියල තාම තොරතුරක් නැහැ නේද"
"අනේ සර්, එයාට කෝල් එනව විතරයි. නම්ගම් දන්නෙ නැහැ. සල්ලි හම්බෙන නිසා ඉතින් කරනවා. සර්ල දුන්න කෝටි දෙකහමාරෙන් අපි අළුත් ජීවිතයක් පටන් ගන්නවා සර්, සින්ගප්පූරු ගිහිල්ලා."
"හරි හරි, බය වෙන්න එපා අපි ඉන්නවනෙ. මිස්ට අතපත්තු මම අපේ මොබයිල් එකට එන්න කිව්වා. පොඩ්ඩක් බලන්න ඒක ඇවිත්ද කියලා"
මේ සියළුම කතා ඇසුනායින් පසුව මා හට මිනිසුන් ගැන ඇතිවූයේ කලකිරීමකි. මුදල් නිසා තම ආත්මයත් පවාදෙන තරමටම මිනිසා පත්වී ඇත. බ්‍රයන්ගේ මේ නාඩගමේ පිටපත මම නොදැන සිටියෙමි. නමුත් ඔහු මට එළියට යාමටයැයි පැවසූවේ කවුරුන් හෝ එනවාදැයි ඔත්තු බැලීමට විය යුතුය. මා එළියට පැමින තප්පර කීපයකට පසු ඩිමන්ත්ගේ කෑගැසීමක් ඇහින. මම ඉක්මනින්ම නිවස ඇතුලට දිව ආවෙමි. මා දුටු දසුන මට අදහා ගත නොහැකිවිය. බ්‍රයන්ට අමතරව මොහොමඩ්ද එතන සිටි අතරම රතු පැහැ වූ ගෙබිම තුල ඩිමන්ත හා ඔහුගේ බිරිඳ වැටී සිටියේය. මොහොමඩ් අත තිබූ පිහි තලයෙන් තවමත් ලේ බිඳු වැටෙන්නට විය. බ්‍රයන් නිහඩය.
"මොහොමඩ්.. ඔයා කොහොමද ආවෙ.. මොකද්ද මේ කලේ මිනිහො"
"පොඩි මහත්තයල දෙන්න මට කොල් කලාම මමත් ආවා. මම කලින්ම ඇවිල්ල හැන්ගිලා හිටියෙ ගෙදර. මූ මහ තිරිසනෙක් පොඩි මහත්තයා. සල්ලි වලට අපිව පාවල දුන්නා. මේ වගේ උන් මොකටද. පොඩි මහත්තයල යන්න. ඉක්මනට යන්න. මම මෙතන ගැන බලා ගන්නම්. අසීස්ට දැනුම් දෙන්න."
ඔහුගේ අණට කීකරු වූ අපි දෙදෙනාම එම ස්තානයෙන් පිටව ගියේය. රාත්‍රී නමය පමණ වී තිබූ නිසා අප දෙදෙනාව කවුරුත් නොදැක්කායයි අප සිතුවෙමු. බයන්ව ඔහුගේ නිවස අසලින් දමා මම ගෙදර ආවෙමි. අම්මාගේ බැනුම් චැනලය ක්‍රියාත්මක වන්නට විය. පැයක පමණ කාලයක් වතුර මල යටට වී අද අදවස පිළිබඳව මම කල්පනා කෙරුවෙමි. හෝරා කීපයකට පෙර හුරතල් දඟකාරියකගේ කටකාර ආදර වදනින් වල්මත් වී සිටි මම මේ වනවිට මීනීමැරුමක ඇසින්දුටු සාක්ෂි කාරයෙක් වෙමි. මේ සියලු වැඩ කටයුතු වලට තිත තැබීමට කාලය එළඹ ඇතැයි මම සිතුවද මාගේ තනි තීරන්යකට මා එසේ කලොතින් ඩිමන්තගේ ඉරණම මටද අත්වනවා නොඅනු මානය.
පෙරදින සිදුවූ සිද්දිය නිසා මා හට නියමාකාරව නින්දක් නොලැබුනි. බ්‍රයන්ටද එසෙම වූ අතර ඔහුද විවේකාගාරයට වී මේසය මත හිස තබාගෙන සිටියේය. මා තුල තිබූ ඒ නිදිබර ගතිය නිසා මගේ ඇස් පියවුනේ මා නොදැනුවමය. නමුත් ඇස් පියවී විනාඩි කීප්යකට පසු ඇසුනු හඬ නිසා මම නැවතත් අවදි වුනෙමි.
"අහ් .. මාව බලන්න පඩි නොගෙව්වට ආඩම්බරකාරයට නිදියන්න පඩි ගෙවනවා වගේ නේද"
"අනේ නෑ ඉමාෂ.. ඊයෙ බ්‍රයනුයි .."
"දන්නවා දන්නවා.. දෙන්න රෑ එළි වෙනකම් බියර් බිබී ෆිල්ම් බලල ඔෆිස් ඇවිල්ල දෙන්නම නිදි. ඒ උනාට බොස්ලනම් කියන්නෙ මේ දෙන්න තරම් දෙන්නෙක් නෑ කියලා"
"හරි හරි ඉතින් ඕකට කෑගහන්න ඕන නැහැනෙ"
"ආ මේ එන්නෙ අනික් කෙනත්, ඇහැරල වගේ.. හම්ම්.. අද හවස බීච් යන් හරිද ආඩම්බරකාරයො"
ඇය එසේ කියමින් පිටව ගියේ බ්‍රයන් ඇතුලුවෙනවාත් සමගමය. ඔහු අතේ පත්තරයක්ද විය. බ්‍රයන් හඬ අවදි කිරීමට සැරසෙනවාත් සමගම සරත් සර් මා අසලට ආවේ කලබලකාරී ගතියකිනි.
" මේ ඉන්නෙ දෙන්නම.. ඒක නෙමේ තමුසෙල දන්නවද වැඩක්"
"මොකක්ද සර්"
"ඊයෙ රෑ මර්ඩර් සීන් එකක් වෙලාලුනෙ මේ ළඟ"
"ඒක තමා සර් මම මේ පත්තරේ දැක්කා. මම මේ පත්තරෙත් අරන් ආවෙ දිනුකට පෙන්නන්න කියලා"
"මැරිල ඉන්න මිනිහ පාතාල කල්ලියකට සම්බන්ද එක්කෙනෙක්ලු. මිනිහව හිර කරගෙන ඉඳල තියෙන්නෙ. මිනිහව පොලීසියට ඕන නිසා මිනිහට පොලිසිය සල්ලි දීල රටින් පිට කරන්න හදල තියෙන්නෙ"
"ඉතින් සර් එහෙමනම් කොහොමද මැරිල තියෙන්නෙ"
"ඒක තමා දිනුක, පොලිසිය ඇතුලෙ කවුරු හරි විස්තර පිට කරල කියන්නෙ. මොකද මිනිහ ගෙදර ගිය විනාඩි ගානට මෙ වැඩේ වෙලා තියෙන්නෙ. මොනා උනත් මේ සිද්දිය පිටි පස්සෙ ඉන්නෙ හොඳම මොළකාරයෙක් කියල තමා කියන්නෙ. මොකද පොලිස් ආරක්ෂාව් තිබිල් තියනව ඒ වෙලේ. නමුත් ඔය සිද්දිය වෙන මොහොතෙ ඒ පොලිස් කාරයො දෙන්නම ඉඳල තියෙන්නෙ වාහනේ ඇතුලෙ. "
"නැහැ .. ඉතින්.. සර් කොහොමද ඔය විස්තර දන්නෙ. පතරේ නැහැනෙ"
"ඉමාෂලගෙ තාත්තගෙ මල්ලි තමා ඔය සිද්දිය හැඩල් කරන්නෙ. මට උදේ එයා කිව්වෙ ඉමාෂව දාන්න එනකොට හම්බෙලා."
"අහ් එහෙමත් එකක්ද, එතකොට අර හිටියයි කියන පොලිස් කාර්යඔ දෙන්නට මොකද උනේ"
"ඒ වෙලාවෙම බී ගත්තු මිනිස්සු ටිකක් ගහගෙන. පොලිස් වාහනේටත් ගහල, වාහනේ තල්ලු කරන්න හදල. ඔය මඩර් සීන් එක වෙන වෙලාවෙ අර පොලිස් කාරයො දෙන්නා ඒ වලිය බේර බේර ඉඳල තියෙන්නෙ"
"අනේ මන්දා සර්.. මොකට මිනිස්සු මරා ගන්නවද මන්දා"
"ඒක තමා කොල්ලනේ.. හරි හරි දැන් වැඩ ටික ඉවර කරපල්ලා.. ඉමාෂාලාගේ තාත්තා වැඩි විස්තරයක් දැන්නුවොත් දන්වන්නම්. අහ් ඉතින් මම මොකටද මේ ඉන්නෙ බෑන. කොල්ල ඉඳල ඉඳල ඇල්ලුව නේද ඉහලම අත්තක්.. "
"එහෙම එකක් නැහැ සර්, නැද්ද බ්‍රයන්"
"නැත්තෙ මොකද, අද හැන්දෑවට බීච් යමු කිව්වා නේද"
"හා හා හා .. අපි ඔය ගැන පස්සෙ කතා කරමු. දිනුක අර ප්‍රසන්ටේෂනෙක මරු. ඔන්න රීජනල් මැනේජර්ටත් ඒ විදිහට හදල දෙන්නලු. බ්‍රයන්ට මම් කිව්වා විස්තර දාලා ස්ලයිඩ් හදල ඔයාට දෙන්නෙ කියලා. ඔයා හැඩ වැඩ දාල ගන්න. හෙට වෙද්දි ඕන හරි. එහෙනම් මම ගියා"
"මොකද්ද බන් උඹ කිව්වෙ"
"උඹ අද හවසට බීච් යනව කියලා.. ඒක නෙමේ උබට ඇහුනනෙ බොසා කිව්ව එක"
"හම්ම්ම්.. ඉමාෂගෙ තාත්තගෙ මල්ලි ගැන නේද"
"ඔව්. උඹ අවුලක් ගන්න එපා. මම ඉන්නවනෙ. උඹටයි මටයි කියල ලයිෆ් එකක් තියනවනෙ බන්, ඒක් නෙමේ අසීස් එනවලු ලංකාවට, ඊයෙ සිද්දිය නිසා. මිනිහට හරි අප්සෙට් අපි දෙන්න ගෑවුන නිසා වැඩේට"
බ්‍රයන්ගේ කතාවෙන් ඔහුටද මෙයින් මිදීමට උවමාවී ඇති බව මට වැටහීගියේය. අසීස් පැමිනි විට මේ පිළිබඳව තීරනයක් ගන්නවායැයි සිතමින් මම ඉමාෂා වෙත ගියේ කලබලකාරී වූ හිතට සහනයක් බලාපොරොත්තුවෙනි. ඇය සමග ඇගේ අතින් අල්ලාගෙන මුහුදු වෙරළෙහි ඇවිදගෙන යනවිට මගේ සිත නැවතත් පෙර තත්වයටම පත්විය.
"මොකද කටකාරි අද නිහඬ"
"මට හරි අප්සෙට් අනේ"
"ඒ මොකෝ එක පාරටම"
"ඊයෙ මම ඔයාව දාල එකපාරටම ගියානෙ. මට ඊට වඩා ඔයා ගැන හිතන්න තිබුනා. මමයි ඔයාව එක්කන් ආවෙ. තරහ නැහැ නේද ආඩම්බරකාරයො"
"අයියෝ ඒකද මේ.. මම තරහ නැහැ අනේ. ඔයා ගිය ගමන්ම වගේ බ්‍රයන් ආවා, ඒක නෙමේ අර ඊයෙ කිව්වෙ මන් එක්ක දිග ගමනක් යන්න ඕනි කියලා. ඇත්තටමද. එදාටත් මාව ඊයෙ වගේ දාල යයිද දන්නෙ නැහැ කටකාරි"
"ඔය ඉතින් ඔයානම් හරි නරකයි අනේ. ඊයෙ වෙච්චදේට සොරි කිව්වනෙ. නපුර.. නපුර .."
ඇය එසේ කියනවාත් සමගම මම ඇගේ සිනිදු ඉඟවටා අතදමා ඇයව තවත් මා වෙතට ලන්කරගත්තෙමි. ඇයද මා වෙත තවත් ලන් වී නිහඩව මුහුදු රැලි දෙස බලාසිටියේය.
" අපි යමුකො අර ගල උඩට, මට හරි ආසයි"
"හරි යමු"
" ඊයෙ මම කිව්වෙ ඇත්තටම තමා ආඩම්බරකාරයො. මේ මන් ඔයාට ආඩම්බරකාරයා කියල කතාකරන එක හරි නෑ නේද. මම ඔයාට දිනුක කියල කතා කරන්නද"
"ඔයාට ඕන එකක් කියන්න"
"මට අම්ම නැහැ දිනුක. එයා මන් පොඩි කාලෙම දාල ගිහිල්ලා. තාත්ති තමා මාව හදා ගත්තෙ. එයාට ඇරුනාම මන් මේ වගේ කාටවත්ම තුරුළුවෙලා නැහැ ආඩම්බරකාරයො. තාත්තට ඇරුනාම මම කාටවත් මෙච්චර ආදරේ කරලත් නැහැ, ලන්වෙලා ඉඳලත් නැහැ"
"හම්"
"මොකද හම් ගාන්නෙ. මෙයානම් එක එක කෙල්ලන්ව තුරුල් කරන් හුරතල් කරල ඇති"
"ඔයාට පිස්සුද අනේ, මොනාද මේ කියන්නෙ"
"මම දන්නෙ නැද්ද කොල්ලන්ගෙ හැටි. ඒකට කමක් නැහැ. මේ මොහොතෙ ඉඳන් ඒව බැහැ හරි. කෙල්ලො බලෙන් ආවත් ඔන්න යනව එහෙම නෙමෙයි හරි. දැන් මම ඉන්නවනෙ ඔයාට. හැබැයි මාව අඬවල මට බොරු කලොත් එහෙම මන් තාත්තිට කියල එල්ලුම්ගස් යවනවා හරි"
"හරි හරි ඒක බලමුකො, ඒක නෙමේ ඔයාගෙ තාත්තගෙ නම මොකද්ද"
"ඩී.වර්ණකුලසූරිය"
"ඔහ් ඔයා එයාගෙ දුවද"
"ඔව් ඇයි"
"ලංකාවෙ ඉන්න ලොකුම බලවතෙක් නේද"
"ඒ උනාට එයා හරි සරලයි දිනුක. කොච්චර දේවල් තිබුනත් එයාට මම විතරයි. මට මේ ඔයා එක්ක එන්න අවසර දුන්නෙ ඔයා ගැන සේරම හොයල. ෆැමිලි විස්තර, යාළුවො"
"ඒකත් එහෙමද"
"ඔයාව දැකපු මුල් දවසෙම හිතුවා ඔයාව මගේම කරගන්නවා කියලා ආඩම්බරකාරයො. මට මොකට හිත ගියාද මන්දා මෙයාට"
"මම යාළුවෙලා හිටියනම් මොකද කරන්නෙ"
"එහම හිට්යනම් .."
"ඔව් හිටියනම්"
"ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො.."
අප ගෙවන මේ ජීවිතය පුදුමාකාරයැයි ඇය හා සිටින මෙමෙ විනාඩි කීපය තුල මම නිහඬව කල්පනා කෙරුවෙමි. මක්නිසාද යත් ඇයව මුනගැසෙනා තෙක්ම මුහුදු වෙරළක මෙලෙස ගැහැණු ළමයෙක් සමග පෙම්බස් දෙඩීමට මා හීනෙකින්වත් නොසිතූ නිසාය. ඇගේ දෙතොල් මත තැබූ හාදුවත් සමගම වෙරළ තීරයෙන් අප ආවේ ඉර බැසගෙන යන නිසාය. අපි අත්වැල් පටලාගෙන එකිනෙකට ලන්වී ඇවිදගෙන ගියෙමු. හිටි හැටියේම සිහින් වැහි පොද කීපයක් පතිත වූයේ මාගේ ආදරයට ආෂිර්වාද කරන්නාක් මෙනි.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment