"හෙලෝ අමිල පුතාද"
"ඔව් ඇන්ටි අමිල තමා."
"අනේ පුතේ අපෙ පුතා දිනුක ඉන්නවද ඔයාලගෙ දිහා"
"නැහැ ඇන්ටි. මම මේ දැනුයි ගෙදර ආවෙ. එයාගෙම වැඩකට ගිහින්. මොකද අවුල"
"අනේ පුතේ හයා මාරට විතර ගියා පියුමි දුව හම්බෙන්න යනවා කියලා. තාම ආවෙ නැහැ. පුතත් ටිකක් කලබලන්නෙ හිටියෙ. අනික එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ"
"හරි හරි.. ඇන්ටි බය නොවී ඉන්නකො. මම ටිකක් බලන්නම්."
අපේ අම්මාගෙන් ලැබූ දුරකථන ඇමතුමත් සමගම අමිල පියුමිට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඇයව මුන ගැසීමට පැමිනෙන බව පැවසූවද මා පැමිනියේ නැති බව ඇය අමිලට දන්වා තිබුනි. ඇගේ වචන කීපය ඇසීමෙන් පසුව මගේ මිතුරා මා සෙවීමට අප සුපුරුදු ස්ථාන වලට ගියද මා එම ස්ථානයන්ගෙන්ද සොයාගත නොහැකි වූ නිසා අමිල මොහොමඩ්ගේ නිවසට ගියේ මා ඔහු සමග ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. නමුත් මා එහි නොසිටීම නිසා, කලබලයට පත් වූ ඔවුන්දෙදෙනා මා සෙවීමට පිටත්ව ගියේ ප්රස්න රැසක් ඔවුන්ගේ මනස තුල සිරකරගෙනය.
"හෙලෝ.. හිරුණි මැඩම්"
"ඔව් කියන්න ගනේෂ්.. මොකද වැඩේ"
"වැඩේනම් ප්ලෑන් කරපු විදිහටම කෙරුනා. ඒත්.."
"ඒත්.. මොකද ඒත්"
"මැඩම්, වැදුනු පාරවල් නිසා මිනිහ මැරුණද දන්නෙ නැහැ. කිසිම ප්රතිචාරයක් තිබුනෙ නැහැ"
"හම්.. එතකොට කෝ දැන් බොඩි එක"
"අපේ දෙන්නෙක් අරගෙන යනවා. එයාල කෝකිලායි හරියෙ තියෙන කුරුළු අභය භූමිය පැත්තට යන්නෙ. යන ගමන් පදවිය වැව හරියෙ තියන කැලේකට අතාරින්නම් කිව්වා"
"හම්ම්.. මැරිලනම් ඉතින් කරන්න දෙයක් නැහැ ගනේෂ්. ඒත් මැරිල නැතිනම් ඔයාගෙ මිනිස්සුන්ට කියන්න මරන්න එපා කියලා. බොඩි එක දාන තැනකින් දාල යන්න කියලා. ගනේෂෙ ඔයා දන්නවනෙ, පොඩි හරි ලීක් එකක් තිබ්බොත් අපි සේරම ඉවරයි හරි"
"ඒ ගැන බය වෙන්න එපා හිරුණි මැඩම්. මේ අපි පුරුදුවෙන්න කරපු වැඩක් නෙමේනෙ. මම වැඩේ කම්ප්ලීට් උන ගමන් ආයෙත් මැඩම්ට කෝල් එකක් දෙන්නම්"
"ආයෙ කතා කරන්න ඕන නැහැ. මම ගනේෂ් ගැන දන්නවනෙ හොඳට. හෙට අපි කතාකරගත්තු තැනට එන්න. මම ඉතුරු සල්ලි ටික දෙන්නම්"
"ඔකේ මැඩම්"