"යාළුවා උඹ නම් මාර පොරක් බන්.. ෆස්ට් ඉයර් එක ගොඩ දැම්මෙ කිසිම ගින්නක් නැතිව. උඹ විතරනෙ බන් අපේ බැච් එකෙන් සබ්ජෙට් සේරම එකපාර ගොඩ දැම්මෙ. ආඩම්භරයි බන් උඹේ යාළුවෙක් වෙච්ච එක. අනික මචන් උඹේ ඔය මොළය සිරා බන්.. නාස්තිකරගන්න එපා හරි"
"හරි හරි අමිලයා.. ගනින් ඔය බියර් එක කඩලා. "
"අමිලය ඇත්ත කිව්වෙ දිනුක. මමත් උඹට කොච්චර කිව්වද මන් එක්ක ප්‍රොග්‍රෑම් සඩිඩ් එක කරමු කියලා. උඹේ ඔය මොළෙට එන ඇල්ගොරිදම්ස් අපිට එන්න ටිකක් වෙලා යනවා බන්. කොහෙද ඉතින් ඇහුවෙ නැහැනෙ උඹ."
"මම කැමති නැහැ රොෂෙන් මගෙ ලයිෆ් එක කොම්පිටුර් එක ළඟ ඉඳගෙන පුටුවක ගෙවන්න"
"හම්ම්.. ඒක නෙමේ ආදරයක් ගැනැ හිතන්න කාලය හරි නේද, උඹ වගේ එකේ තනිකඩව ඉන්නවා කියල දැනෙනකොට අපේ හිතත් වාවන් නැහැ බන් .. ඒයි මොකෝ බන් උඹ සයිලන්ට් උනේ. කෙල්ලො ඇලජික්ද උඹට.. අම්මට සිරි ඒ කියන්නෙ උඹ කැමති .."
"ඩිලා ඕක නවත්තගනින්.. ඔන්න ඔය බියර් එක ඉවර කරපන් කටවහගෙන.. යාළුවා මුන් කියන ඒව ගැන එච්චර හිතන්න එපා"
"අවුලක් නැහැ අමිල.. තැන්ක්ස් උඹ මගේ ගාවින් ඉන්නවට"
"ඔන්න ඔන්න.. මිතුදමකට අදාලම නැති වචනයක් තමා තෑන්ක්ස් කියන එක හරි. මොකද උඹට කරන ඒවට උඹ තෑන්ක්ස් කියන්න අපි නන්නාදුනන අය නෙමේනෙ. උඹේ යාළුවො.. කව්ද අපි, උඹේ යාළුවො.. නැද්ද ඩිලා"
"අනිවා මචන්.. අපි යාළුවො. ගනින් අමිලය ඔය අන්තිම බියර් බෝතල් තුනත් කඩල. කූල් බැස්සොත් අපරාදෙ. ඉවරයක් කරල දාමු ඒ නිසා"
යාන්තමට ගෙදරට යා ගත හැකි අවස්තාව එලඹෙත්ම අපි සියලුඅ දෙනා තානායමෙන් එලියට පැමිනියෙමු. රොෂෙන් හා ගයාන් අපට සමු දී ගිය අතරම අමිල ඩිල්ෂාන්ව රැගෙන ගියේ ඔහු තම සීමාව යන්තම් පසුකර තිබූ නිසාය. බ්‍රයන් මා අසලින් වෙන්වගියාට පසු අමිල හා ඩිල්ෂාන් මා අසල රැඳුනු හොඳ මිතුරන් දෙදෙන් විය. ඔවුන් බ්‍රයන්ට සමාන කල නොහැකි උවද මගේ ජීවිතයේ දුක සැප බෙදා ගන්න කදිම මිතුරන් දෙදෙනෙකු වූවෝය. මිතුරන්ට සමුදුන් මමද කෙලින්ම පැමිනියේ සොහොන් පිටියටය. පොතපතට නැවත හිරවීම නිසා දිනපතාම මෙහි පැමින්නිමට නොහැකි උවත් සෑම සිකුරාදාවකම සොහොන් පිටියට පැමින මගේ මතකයන් වෙනුවෙන් ඉටිපන්දම්ක් දැල්වීමට මම මගේ කාලසටහන සකස්කර තැබුවෙමි. ඔවුන හා ගතකල ඒ දවස් තවමත් මට අද වගේ මතකය. වෙනාදා මෙන්ම සුද්ද පවිත්‍ර කර ඉටිපන්දම් දල්වා මම ඒ ආදරය කල දඟකාරියගේ සොහොන දෙස මදක් නිහඬව බලා සිටියෙමි. මටත් නොදැනීම නෙතගින් ගිලිහූ කඳුලක් මගේ ඇල්කොහොල් මිශ්‍ර දෙතොල මත වැටුනේ සැඟවී ගිය ඒ ආදරය තවමත් හිත රිද්දන බව සනාතකරමින්ය.
ඉමාෂා ඔයා හොඳින් ඉන්නවා නේද. මම හොඳින්, එත් අද ටිකක් බිව්වා, බිව්වා කියන්නෙ බියර් බෝතල් තුනක් විතරයි. ඔයා තරහ නැහැනෙ. හම්ම්.. ඔයා තාමාත් මගේ හිතේ ඉන්නවා කෙල්ලෙ. වෙනකාටවත් මට ආදරේ කරන්න බැහැ. මට එයාලට දෙන්න ආදරේ නැහැ. ඔයා ගාව තමා සේරම. සමහර කෙල්ලො මගෙන් අහනවා ඇයි ඔයාට කෙල්ලෙක් නැත්තෙ කියලා, කෙල්ලො විතරක් නෙමේ මගෙ යාලුවොත් අහනවා. මම කොහොමද එයාලට කියන්නෙ ඔයා මෙතන කියලා ඉමාෂා. පිස්සුවෙන් වගේ කරපු ඒ ආදරය අද මගේ ගාවින් ආයෙ නො එන්නම් ගිහින් කියල කියන්න බැරි ඇයි දන්නවද, එතකොට එයාල මට අනේ පව් ඔයා කියන නිසා. එයාල මට අනුකම්පා කරන නිසා. ඔයාගෙ ආඩම්බරකාරයට එහෙම වෙන්න බැහැනෙ. එහෙම නේද. කියන්න මට. ඇගේ සොහොන ළඟ දනගසා පොඩි ළමයෙකු මෙන් මම ඇඬුවෙමි. මගේ දුක තුනී වෙනකම් ඇඬුවෙමි. ඇයගේ සොහොන අසලින් මා නැගිට්ටේ නැවතත් ඇය වෙනුවෙන් අඬන් නැතැයි මම මා හටම වූ පොරොන්දුවක් සමගය. ඇය මගේ අතීතය වී හමාරය. ඇයව්නුවෙන් අඬා ඵලක් නැත. ඇය වෙනුවෙන් මා ජීවත් විය යුතුය. ඇයට උවමනා වූ ආකාරයටම මම මගේ ජීවිතය දියුණුව දක්වා ගෙනයන බව පොරොන්දුවෙමින්,මම මගේ මිතුරාටද ආචාර කරමින් සොහොන් පිටියෙන් ඉවතට යාමට සැරසූ විට එය මදක් ප්‍රමාද වූයේ මාගේ දුරකථනය නාද වූ නිසාය.
"හලෝ .. මේ දිනුක නේද"
"නිවන්ති.."
"ඔයා අඳුනගත්ත එහෙනම් මාව"
"ඔයාව කොහොමද එහෙම අමතක වෙන්නෙ කෙල්ලෙ. ඉතින් කොහොමද? ගොඩක් දවසකින් නේද මේ"
"හම්ම්ම්.. දිනුක ඔයා හොඳින් නේද. ඔයාගෙ කට හඬ ..."
"මම හොඳින්.. අද අපේ ක්ලාස් එකේ කොල්ලො ටික සෙට් වෙලා බියර් එකක් ගැහුවා"
"ගුඩ් ගුඩ්.. ඒක නෙමේ දිනුක. මම මේ කතා කලේ ලොකු දෙයක් කියන්න ඔයාට. ඒ එක්කම ලොකු උදව්වකුත් ඕන ඔයාගෙන් මට"
"කියන්න.. මොකක්ද වෙන්න ඕන"
"ඔයා දැන් කොහෙද ඉන්නෙ, ගෙදරද"
"මම සොහොන් පිට්ටනියට ආව නිවන්ති. ඉටිපන්දමක් පත්තුකරල අපේ බැඳීම් නැවත එලිය කරන්න"
"හම්ම්ම්.. ඔයා තාමත් ඒ මතකයන් එක්ක ඉන්නවා නේද"
"ඒව අමතක කරන්න බැහැ කෙල්ලෙ මට. හරි දැන් මොකක්ද කියන්න තියෙන්නෙ"
"මම කියන්න හැදුවෙත් ඔයා ගෙදරනම් ඔතන්ට යන්න කියල තමා. දැන් ඔයා ඔතන නිසා අවුලක් නැහැ"
"ඒ මොකෝ නිවන්ති හදිසියේම"
"කෝ අර රින් එක. තාම කරේ නේද ඔයාගෙ"
"ඔව් මේ තියෙන්නෙ.. මොකක්ද කාරනාව, කෙලින්ම කියන්න හිතේ තියන එක"
"දිනුක, අනිද්දට ඒ කියන්නෙ ඉරිදට මම මැරි කරනවා.."
"වාව්.. ෆස්ට් ඔෆ් ඕල් කන්ග්‍රැට්ස්"
"තෑන්ක්ස් දිනුක. එයා ජර්මන් කෙනෙක්. මම මගේ ජීවිතේ අලුතින් පටන් ගන්නවා දිනුක."
"ඒක හොඳයි ළමයො, ඒත් ඔයාට ඇයි මාව සොහොන් පිටියට යවන්න ඕන උනේ"
"මට බ්‍රයන්ව මතක් උනා දිනුක. මගේ බෝයි මට ප්‍රොපොස් කරපු රින් එකත් හරියටම ඔයාගෙ කරේ තියන එදා බ්‍රයන් ගෙනාව එක වගේමයි. ඉතින් මට හිතුනා බ්‍රයන්ට කියන්න. කියල එයාගෙන් ආශිර්වාද ගන්න. මොකද එයා මට ගොඩක් ආදරේ කරපු හින්දා."
"පිස්සු කෙල්ල. බ්‍රයන්ගෙ ආශිර්වාදය හැමදාම තියනවා ඔයා ලඟ. ඒ වගේම එයාගෙ ආදරෙත් එහෙමයි. ඔයා බ්‍රයන් ගැන හිතන්න එපා. එයාව අමතක කරල ඔයා ඔයාගෙ ගමන යන්න. එදා වගේම අපි ඉන්නවා කොහෙ හරි ඔයා වැටුන දවසක අල්ලගන්න. ඔයාව නැගිට්ටවන්න"
"මාව හැගීම්බර කරන්න එපා දිනුක. මට ඔයාලව අමතක වෙන්නෙ නැහැ කවදාවත්ම. විෂේෂයෙන් ඔයාව. ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා දිනුක. ආදරේ කරන හැටි. තවකෙනෙකුට සවන්දෙන හැටි ...."
"හරි හරි නිවන්ති. ඕව ගැන අපි හම්බුනදවසක කතා කරමු. ඔයා ඉන්න තැනක් හොඳින් ඉන්න. අළුත් තැනක අළුත් විදිහට පටන් ගන්න යන ඔයාගෙ ජීවිතේට මම සුභ පතනවා. මම විතරක් නෙමේ බ්‍රයන්ගෙ ඉමාෂගෙ සුභපැතුනුත් ඔයාට තියනවා"
"හම්ම්.. එහෙනම් මම ආයෙත් දවසක කතා කරන්නම් ඔයාට. මගෙ වෙඩින් ෆොටොස් ඔයාට මේල් එකක් දාන්නම්. හැමදාම කතා නොකලට, දුරකින් හිටියට, ඔයා ගැන හොයල නොබැලුවට මට ඔයාව අමතක වෙන්නෙ නැහැ හරි. යාළුකම් පලදුවෙන්නෙ නැහැ හරි. හොඳින් ඉන්න දිනුක. මේ කෙල්ල වෙනුවෙන් කරපුවට ආයෙමත් ගොඩාක් පින් ඔයාලට"
නිවන්තිගේ දුරකථන ඇමතුමත් සමගම මා නිවසට පැමිනියේ හිස් වූ මනසින්ය. ඇගේ අළුත් ජීවිතයට සුභපතනවා ඇරෙන්න මට කීමට දෙයක් නොතිබුනි. ආදරය කරන්නා හා ආදරය ලබන්නා අතර වෙනසක් තිබෙනවායැයි මම සිතුවෙමි. ඒ වෙනස කුමක්දැයි සෙවීමට මා උත්සහ නොකලේ මා ආදරය ලැබුවා වූ අයෙකුද වූ නිසාය.
"පුතේ, මොකද මේ නිහඬ අද. කොල්ලො එක්ක මොකක් හරි රන්ඩුවකවත් පැටලුනාද"
"අද නිවන්ති කතා කලා අම්මෙ .. "
"ගොඩක් දවසකින් නේද. මොනාද කිව්වෙ"
"එයා අනිද්දට මැරි කරනවලු.. ජර්මන් කාරයෙක්ව.."
"ඒකද මේ කල්පනා කරන්නෙ. ඒක ඒ ළමයගෙ ජීවිතේ පුතේ. ඉතින් ඔයා මොනවද කිව්වෙ"
"මොනව කියන්නද අම්මෙ.. මම විෂ් කලා."
"හම්ම්ම් මම දන්නවා ඔයා තාමත් ඉමාෂා ගැන හිතනවා කියලා. ඒ ඔයා ගොඩක් ඒ කෙල්ලට ආදරේ කරපු හින්දා. ඒ වගේම ඒ කෙල්ලත් ඔයාගෙ ආදරයට හා සමාන ආදරයකින්ම පිළිතුරු දුන්න හින්දා. ආදරේ කියන්නෙ ලොකු බැඳීමක් පුතේ. ඒක හරි වචනයකින් විස්තරකරන්න බැරි තරම්. මට සතුටුයි ඔයා අද ඉන්න තත්වය ගැන. ඉමාෂා ඔයාගෙ අතීත වෙලා ඉවරයි. ඔයාගෙ ලස්සන මතකයක් වෙලා ඉවරයි. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න. වර්තමානයේ ජීවත්වෙන්න. ඔයාගෙ අතීතෙට ඒ විදිහටම තියෙන්න අරින්න. ඔයාව රිදවන්න, ඔයාව වට්ටන්න ඒ අතීතෙට කවමදාවත් ඉඩදෙන්න එපා"
අම්මාගේ ඒ වදන් කීපය හිත තුලම රැඳුනද මගේ මේ කෝඩුකාරව්සිතට එය තරමක් බරවැඩියැයි මම සිතුවෙමි. එම නිසා ආදරය කරන්නා හා ආදරය ලබන්නා පිළිබඳම මම නැවතත් මගේ ඇඳ මතට වී කල්පනා කෙරුවෙමි. නමුත් ඒ දෙදෙනා අතර වෙනසක් නැති බවද මම විටෙක සිතුවෙමි. මක්නිසාදයත් ආදරය ලබන්නාද ආදරය කරන්නෙකු වූ නිසාය. මගේ මනසට හදිසියේම ආ මේ තේරුමක් නැති විකාර සිතුවිල්ල මගේ මුළු නින්දම සොරාගත්තේය. කොතරම් නෙතු පියාගැනීමට උත්සහ කලද මම අසාර්ත උනෙමි. පාන්දර තුනට පමන යාන්තමට මගේ නෙතු පියවෙද්දී ආදරය යනු හිතුවක්කාර සිතුවිල්ලක් බව මගේ සිත පිළිගෙන තුබුනි.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment