කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Thursday, October 15, 2015
හිතුවක්කාර ආදරය - 24 කොටස
රොෂෙන්ගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව අපි සියලු දෙනාම අපගේ පන්ති කාමරය වෙත යාමට සූදානම් උනෙමු. අද දින අප හට උගන්වනුයේ නැති උවත් පසුගිය ප්‍රස්න පත්‍ර කරමුයැයි ගයාන්ගේ යෝජනාවට මා හා අමිලද කැමැත්ත ප්‍රකාෂ කලේ අප හටද පසුගිය සතියේ පන්තීන් කීපයක්ම මග හැරුනු නිසාය. නමුත් අප මිතුරන් සමග යාම මට මදක් ප්‍රමාද කිරීමට සිදු වූයේ පියුමිගේ පැමිනීම නිසාය. ඇය මදක් කලබල ගතියකින් සිටි නමුත් වෙනාදාට වඩා ඇයගෙන් දිස් වූයේ අමුතුම දසුනකි. ඇගේ මුළු වතම වෙනදාට වඩා එලිය වැටී තිබූ අතර ඇය දෙතුන් පාරක්ම පසු පස හැරී බැලුවේ කවුරුන් හෝ ඇය දෙස බලා සිටිනවාද යන හැඟීමකිනි. ඇගේ ඉරියව් වලින් ඇගේ හිත කියවිමට මට හැකිවූ අතරම අමිලටඩ එසේ හැකිවූයායැයි මා සිතුවේ කන කොනට කර මට සුහ පතා ඔහු එතනින් වෙන්ව ගිය නිසාය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, October 6, 2015
හිතුවක්කාර ආදරය - 23 කොටස
කාර්යය බහුල වූ දින කීපයක් ගත කෙරුවද කාර්යය බහුල බව නොදැනුනේ පියුමි නිසා වියයුතුයැයි මම කල්පනා කෙරුවෙමි. දිනෙන් දින ඈ මාහට ලෙන්ගතූවද මා අසල දැවටුනද යොවුන් ආදරයකට මුල පීරීමට ඇය තවමත් කෝඩුකාරියකැයි යන සිතුවිල්ල මාගේ සිත තුල තිබුනි. තවද කෙවින්ගේ බැල්මද ඇය කෙරෙහි තිබූ නිසාදෝ මගේ එදිනෙදා ජීවන රටාව මදක් සන්කීර්න වී තිබුනි. කරුනු කාරනා මසේ සිදුවෙද්දී අප සියලුදෙනාටම සතුට ගෙනදන්නා වූ කරුනක් වූයේ මෘදුකාන්ග තරඟාවලියේ ජය අපට හිමිවී තිබීමය. නැතිනම් අපේ නිර්මානයක් වූ පාර සොයන්නා නොහොත් පාත් ෆයින්ඩර් අනෙක් සියළුම තරඟකරුවන් පරදා ජයගෙන තිබීමය. ජයග්‍රාහී සතියක ආදරය පිරුණු මාවත් ඔස්සේ මාගේ ජීවිතය ගෙවී යද්දී මගේ මනසට හිසරදයක් වූ තවත් එක කරුනක් විය. එනම් මොහොමඩ් සමග මා අතගසා තිබූ මත්ද්‍රවය්‍ය වය්‍යාපෘතියය.
අපගේ ගැනුම්කරුගේ අවෂයයතාව වූ මත්ද්‍රවයය කිලෝග්‍රෑම් හතරට අමතරව තවත් ගෑම් අටසීයක් වැඩිපුර මොහොමඩ් රැගෙනවිත් තිබුනේ අප දෙදෙනාගේම සැලසුමට අනුව හා ගනනය කිරීම් වලට අනුකූලවය. මෙය ක්‍රමානුකූලව ඇසිරීමට අලුත් අදහසක් නොතිබූ නිසාත් ආරක්ෂාකාරී පිළිවෙලක් අවශයය වූ නිසාත් අපගේ සාම්ප්‍රදායික තේ පැකට් ක්‍රමය යොදා ගැනීමට මම සැලසුම් කෙරුවෙමි. එමනිසා අපට අවෂයය බ්ලැක් ටී වර්ගයේ තේකොල සැලකියයුතු ප්‍රමානයක්ද රැගෙන ඒමට අපට සිදුවිය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, October 2, 2015
Godady Server+Domain $12.18
ඔබට අවශ්‍ය කරන ඩොමේන් $12.18 ලබා ගන්න,ඒ සමග Godaddy Server එක අවුරුද්දක් සදහා නොමිලේ
මෙම දීමනාව සිමිත දින කිහිපයකට පමනයි.
මෙය මගේ දෙයක් නොව Godaddy ආයතනයෙන් ලබා දෙන සේවාවකි
මිලදී ගැනීමට පහත බැනරය Click කරන්න
මෙය මගේ දෙයක් නොව Godaddy ආයතනයෙන් ලබා දෙන සේවාවකි
මිලදී ගැනීමට පහත බැනරය Click කරන්න
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, September 28, 2015
හිතුවක්කාර ආදරය - 22 කොටස
"මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි"
"අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව"
"ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා"
"ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක් කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා, මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව කිව්වනම්"
"මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව වැඩක් නැවැත්තුවා"
"ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
"එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්. එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට ගෙනියන්න."
"ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර. අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
"කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම් කවුරුත් එයාට විස්වාස නැහැලු."
"ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන තියරියම දාමු"
"ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ කිලෝ 4ක්."
"කිලෝ 4ක් "
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, September 16, 2015
හිතුවක්කාර ආදරය - 21 කොටස
"අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො"
"කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ"
"හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.."
"පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා"
"මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .."
"මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා"
"හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ."
"ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ"
"පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්"
"එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති"
"හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)