Friday, October 21, 2016

හිතුවක්කාර ආදරය - 32 කොටස


හිතට දැනෙන්නාවූ සාන්කාව නිසාත් හරිහැටි නින්දක් නොලැබීමෙන් මා වෙහෙසට පත්ව සිටි නිසාත් ගුවන් ගමන අතරතුර මම සුව නින්දක පහස විඳගත්තෙමි. මොහොමඩ් විසින් ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක් වෙන්කිරීම නිසා සුවපහසු තෙහෙට්ටුවක් නැති ගුවන් ගමනක් නිම කිරීමට මට හැකිවිය. මොහොමඩ් පැවසුවා පරිදිම අසීස් මා රැගෙනයාමට එහි පැමින සිටියේ ඔහුගේ සොහොයුරාද සමගය. වෙනදාට වඩා ඔහු සුවෙන් සිටිනාබව ඔහුව දුටු විගසම මා හට තේරුම්ගියා සේම තරමක් දිගට වවා තුබූ ඔහුගේ රැවුල පමනක් වෙනස් වී තුබුනේ එය තඹ පැහ වර්ණයකින් වර්ණ ගන්වා තිබූ නිසාය.

"වෙල්කම් ටු ඩුබායි පුතා.. පොඩ්ඩක් ඇදිල ගිහිල්ලද මන්දා. මොහොමඩ් මට සේරම විස්තරේ කිව්වා. ඉස්සෙල්ල්ම යමුකො ගෙදර."
"කොහොමද නසීම්"
"හොන්දින් ඉන්නවා දිනුක.. ගෙදර ගිහින් මොනව හරි කාලම කතාකරමුකො විස්තර"



ගුවන්තොටුපලින් එලියට පැමිනි විගසම මගේ ඇඟ පිච්චෙනවා මෙන් දැනුන අතර ගුවන්තොටුපල අසල දැන්වීම් පුවරුවක දැන් පවතින උෂ්නත්වය සෙල්සියස් අන්සක හතලිස් දෙක ලෙස සටහන් වී තිබුනි. දැනුනු රස්නය ඉවසාගත නොහැකි නිසා ඉතා ඉක්මනඉන්ම මා අසීස් පැමිනි වාහනයට ඇතුලු වූයේ එහි සිටිනා සියලු දෙනාගේම මුව තුලට සිනහහවක් එක් කරමින්ය. එකිනෙකා පරදවමින් අහස ජයගැනීමට සැරසෙන්නා වූ නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි කීපයක් මාගේ නෙත ගැටුනු නිසා මම වාහනයේ වීදුරුව තුලින් එලිය බැලුවෙමි. සමහර දර්ෂන මට අදාහා ගැනීමට පවා අපහසු විය. මක්නිසාද යත් සමහර උස් වූ ගොඩනැගිලි වැටෙන්න ඔන්න මෙන්නය, සමහරක් මලක් පිපී මෙන් හැඩයකය තිබුනි. නිර්මානශීලිත්වය උපරිමයෙන්ම තිබූ අතරම මගේ නෙත් පුදුම කෙරවූ අනෙක් දසුන වූයේ නගර අලන්කරනය කර තිබූ අයුරුය. මෙවැනි උෂ්නත්වයක් හිමි රටක පාට කීපයකින් පල් වවා නගර අලන්කරනය කර තිබූ අයුරුනම් හරිම අපූරුය. එමෙන්ම මා සිනමා වල පමනක් දැක තිබූ වාහන මගේ ඇස් දෙකෙන්ම දැක ගැනීමටද මට හැකි විය.

විනාඩි හතලිස්පහක පමන ගමනකින් පසුව අසීස්ගේ නිවසට අප පැමිනියේය. එයද ඉතා අලන්කාරව සරසා තිබූ නිවසක් වූ අතරම ඔහුගේ බිරිඳගෙන් මට ලැබූ අගන්තුක සත්කාර මා සිතුවාටත් හොඳින් තිබුනි. ගුවන් යානයේදී සුව නින්දක් දැමූවද මගේ හිතට දැනුනු තනිකම නිසා, මා සඳහා සූදානම් කරතිබූ කාමරයට ගියේ නැවතත් නිදාගැනීම සඳහාය. අම්මා ලඟ නැති අඩුව මෙන්ම පියුමි හිත තුල සක්මන් කල නිසා මා හට නිදා ගැනීමට තරමක් අපහසු වුවද මගේ කාමරයේ ක්‍රියාත්මක කර තිබූ වායුසමීකරණය මගේ දෙනෙත් පියවීමට මගපෙන්වා දුන්නේය.

"මොකද හිරුණි දුව කලබලෙන් වගේ.. මොකක්ද අවුල"
"දිනුක, පියුමි එක්ක තිබ්බ සම්බන්දෙ නවත්වල බාප්පෙ. ඒ කෙල්ල පිස්සු හැදිල වගේ ඉන්නෙ. ඒ කෙල්ලගෙ කඳුලු වලට මමත වග කියන්න ඕන කියල දැනගත්තොත් .."
"දුව බය වෙන්න එපා, එහෙම වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ දිනුක කෙල්ලට යන්න දුන්නා. මිනිහ ලැස්ති නැහැ වගේ මිනිහගෙ ගමන වෙනස්කරගන්න"
"තව එකක් බාප්පෙ. දිනුක ලන්කාවෙන් ගිහින්"
"මොනවා.. කොහොමද එහෙම උනේ"
"මම දන්නෙ නැහැ. දිනුකගෙ යාලුවට පියුමි කෝල් කරද්දි තමා කියල තියෙන්නෙ."
"වැඩේ කෑව.. මෙච්චර කල් කරපු සේරම ඉවරද ඒ කියන්නෙ. මම කොහොමද දැන් ... හම්ම්ම්ම් මම කිව්වෙ මිනිහ මොළකාරය කියලා. මේක ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරල තියෙන්නෙ. නැතිනම් කොළඹ යන්ව වගේ ඔහොම හදිසියේ රටින් පිටවෙන්න බැහැනෙ."

වායුසමීකරණය නිසා දැනෙන්නා වූ සීතල තරමක් වැඩි වූ හෙයින් මම මගේ කමරයෙන් පිටත පැමිනියෙමි. වටපිටාව තරමක් අඳුරු වූ තිබූ නිසා මම පැය හතරක් පහක් පමන නිදා ගන්නට ඇතැයි මම අනුමාන කලෙමි. කොතරම් සැපපහසුකම් තිබුනද සාලයේ තාත්තා පත්තරය බලන්නේ නැත. අම්මා හා නන්ගී රූපවාහිනිය නරඹන්නේද නැති නිසා මගේ හිතට නැවතත් කියා විස්තර කල නොහැකි තිනිකමක් දැනෙන්නට වූ නිසා අසල තුබූ සුවපහසු සෝෆාවෙහි මා හිඳ ගත්තේ දිගු සුසුමක් සලමින්ය.

"අහ්.. දිනුක නැගිට්ටද. දැන් ගොඩක් වෙලාද"
"අනේ නැහැ අසිස්. මම මේ දැන් තමා කාමරෙන් එලියට ආවෙ. ගෙදර මතක් උනා අසීස්"
"ඔව ගනන් ගන්න එපා දිනුක. තාම ආව විතරනෙ. දවස් දෙක තුනක් යනකම් ඔය හෝම් සික් එක තියේවි"
"හම්ම්ම්.. "
"දිනුක ඔයා වාසනාවන්තයි. ඔයාට හොඳ ජොබ් එකක් ලැබුනෙ. මගෙ යාලුවෙක් තමා සෙට් කලේ. පඩිත් හොඳයි. මමනම් කියන්නෙ මෙහෙට වෙලා ලයිෆ් එක අලුතින් පටන් ගන්න කියලා. අනික දිනුක ඔයාට හම්බුනේ මෙහෙ රජයේ තැනක ජොබ් එකක්. හැමදේම අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න"
"හැමදේම අමතක කරන්න අමාරුවෙයි අසීස්.."
"හරි හරි ඒක අමතක කරන්නකො. ඔයාට ඔයාගෙ ඔෆිස් එකෙන් කෝල් කලා නේද"
"ඔව් ඔව්.. මට ලබන සතියෙ ඉරිද වැඩ බාරගන්න තියෙන්නෙ. මම ඉතින් කලියෙන් ආවනෙ"
"ඒකට කමක් නැහැ. මට මොහොමඩ් සේරම විස්තරේ කිව්වා. සතියක් තියනවනෙ තව වැඩ පටන් ගන්න. ඒ සතිය ඇතුලත ඔයා මෙහෙ ලයිෆ් එකට හැඩ ගැහේවි"

දවසක් දෙකක් පමන ගතවන විට මෙහි ජීවන ක්‍රමය හා නීති රීතීන් සැලකිය යුතු මට්ටමකට අවබෝධ කරගැනීමට මට හැකිවිය. නමුත් මෙහි තිබෙනා වූ රස්නයට හුරු විමටනම් මට තවත් කාලයක් යනවා නොඅනුමානය. මට ලැබී තිබූ සතිය පුරාවටම අසීස් හා ඔහුගේ සොහොයුරා වන නසීම් සමග ඩුබායි අවට මම සිරි නැරඹුවෙමි. බලන බලන තැන් කොන්ක්‍රීට් වනන්තරයක් උවද ඔවුන් ගස්වැල් වලට දක්වන ආදරය පුදුමාකාරය, අගයකල යුතුය. සිදුවූ නොයෙකුත් සිදුවීම් අත තරමක් මතක්යේ රැඳුනු සීද්දීන් කීපයක් වූයේ ලොව උසම ගොඩ නැගිල්ල වූ බර්ජ් කලීෆා තරනය කිරීම හා අසීස්ගේ යාලුවන් කීපදෙනෙකු මුනගැසීමය. මා බ්‍රයන් හා සමග සිටියෙදී ඔවුන් පිළිබඳව තරමක් දුරට අසා තිබුනද ඔවුන්ව මගේ දෑසින් දැක ගත්තේ අසීස් ඔවුන් මා හට අදුන්වා දුන් පසු වූ අතරම ඔවුන් මා පිළිබඳව මටත් වඩා හොන්දින් කරුනු දැනගෙන සිටීම මා පුදුමයකට පත්කරවන කරුනක් වූවේය. එමෙන්ම ඔවුන් සියලු දෙනාම ජාවාරම් කලාවේ රජවරුන් ලෙස කාලය ගතකල අයවිය. ඔවුන් සමග කල කතාවෙන් මට වැටහුනේ ඔවුන් සියලුදෙනාම ජාවාරම් වැඩ නවතා අලුත් ජීවිතයක් පටන්ගත් බවය. නමුත් මා එක එක හෙලාම විස්වාස නොකලේ මමද ඔවුනට නොදැවෙනි තැනක සිටි නිසාවෙනි.

"හෙලෝ අම්මෙ.. කොහොමද? ඔයාල හොඳින් ඉන්නවා නේද?"
"ඔයා නැතිව පාළුයි පුතේ.ඔයා හොඳින් ඉන්නවා නේද"
"ඔව් අම්මෙ. මම හොඳින්. හෙට මම වැඩට යන පළමු දවස. ඒක කියන්න මම කතා කලේ"
"ඔව් ඔව්. මට නන්ගිත් මතක් කලා ඒ ගැන. මයෙ පුතාට බුදුසරණයි"

අම්මාගේ හා තාත්තාගේ දෙපා වැඳ පලමු දිනයේ වැඩට යාඅට නොහැකි නිසාදෝ මගේ හිත මට නොතේරෙන දුකකින් පිරී තිබූ අතරම නන්ගිගේ මොනවා හරි ඇනුම් පදයක් ඇසීමට නොමැති වීම හා දුකට සැපට සැමදා මා හා ගිය මගේ ස්කූටිය නොමැතිකමද මගේ හිත තරමක් හැඟුම්බර කරන්නට විය.

පළමු දිනයේ දැඩි චකිතයකින් යුතුව මම කාර්යාලයට ගියද ඉතා සුලු කාලයකින් මගේ සිත තුල තිබූ චකිතය නැත්තටම නැතිව ගියේ එහිසිටි පිරිසගේ තිබූ මනා සුහදශීලීබව නිසාය. ඔවුන්ගේ ක්‍රමවේදයන්ට අනුව කඩදාසි කොල කීපයකම අත්සන් තැබූ මම නිල වෂයෙන් පරිඝනක තාක්ෂනික අන්ශයේ වැඩබාර ගත්තෙමි. මා හා සිටි පිරිසට අනුව පළමු මාසය තුල මා හට එතරම්ම රාජකාරියක් කිරීමට නොතිබිනි. එමෙන්ම අප ආයතනයේ ලෝකයේ විවිධ රටවල් වලින් පැමිනි පිරිස සේවය කල අතර එයින් වැඩිහරියක්ම සිටියේ ඉන්දීය ජාතිකයන් විය.

"මචන් කොහොමද, මම තාරක. මෙතන සොෆ්ට්වෙයා ඩිවලපර් කෙනෙක්. ඔයාගෙ නම මොකද්ද"
"දිනුක.."
"උඹ මෙතන බය නැතිව ඉඳපන්. වැඩ ටික අල්ලගන්න අමාරු වෙන්නෙ නැහැ. උඹට මොනා හරි අපහසුතාවයක් ඇති උනොත් සෙවන් ෆෝ ෆෝ ඩයල් කරල මාට කතා කරපන් හරි. ඒක නෙමේ උඹ කොහෙද ලංකාවෙ"
"මීගමුවෙ"
"නෑ.. මම ජා-ඇල. මටත් හිතට සෙට්වෙන එකෙක් නැතිව හිටියෙ. උඹ බොනවද"
"ම්ම්ම්.. ඉඳල හිටල"
"අන්න ඒ වචන දෙක මට හොඳට තේරෙනවා. මේ එන බ්‍රහස්පතින්ද රෑට මොකුත් වැඩ දාගන්න එපා හරි. ඔන්න කලින්ම මම කිව්වා. උඹට නියම සෙට් එකක් අඳුන්වල දෙන්නම්කො එදාට. බොමු කරටි කැඩෙන්න. උඹට මගෙ රූම් එකේ නැවතිල පහුවදාට යන්න පුලුවන්"

නන්නාදුනන රටක නන්නාදුනන පිරිසකට ආගන්තුකයෙක් සේ සිටි මට තාරකගේ හමුවීම හිතට ලොකු සහනයක් ගෙනදෙන්නක් විය. එමෙන්ම ඔහු හා කාලය ගත කිරීමේදී ඔහු ඇසුරට සුදුසු පුද්ගලයෙක් ලෙස හඳුනා ගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවීය. කරුනු කාරනා කෙසේ වෙතත් මා කුමන අරමුනකින් මෙහි පැමිනියත් මගේ ජීවිතය නැවත ලිවීමට හොඳම කාලය හා සුදුසුම තැන මෙය බව මම මටම කියාගත්තෙමි.

"උඹ ඔය අඬන එක නවත්තපන් පියුමි. ඒ කොල්ල ගියා."
"අනේ මට තවමත් හිතාගන්න බැහැ තිනුරි. දිනුක අයියා කොහොමද මාව මෙහෙම තනිකලේ කියලා."
"උඹට වඩා මම කොල්ලොගැන දන්නවා බන්. අන්න ඒ නිසා තමා උඹ ඔය මගුල පටන් ගන්න හැදුව දවසෙම මම එපා කිව්වෙ. කොහෙද උඹට එතකොට මාව පෙනුනෙ හැපින්නක් විදිහටනෙ. කොල්ලො ඔහොම තමා පියුමි. ආදරෙයි කියලා ලන් වෙනවා. ඊට පස්සෙ අපේ ඇඟට තමා ආස. එකක රස බලල මදි උනාම තව .."
"කටවහගනින් තිනුරි. කට තිබ්බපලියට කියවන්න හදන්න එපා. මම ආදරේ කල මගෙ දිනුක අයියා එහෙම නැහැ. උඹ ඔය කියන ජාතියේ කොල්ලෙක් නෙමේ දිනුක කියන්නෙ"
"ආ.. මේකිට මෙච්චර දෙයක් වෙලත් බලපල්ලකො ඒ කොල්ලව සුද්ද කරන හැටි"
"නවත්තගනිල්ල බන් දෙන්නම ඕක. පියුමි වෙච්චදේවල් උනා. අපි දන්නවා උඹ ඒ කොල්ලට ඇත්තටම ආදරේ කලා කියලා. අපි තව ටික දවසක් බලමු. ඊටපස්සෙ තීරනේකට එමු. මොකද උඹ ඔහොම ඉන්නවා බලන්න යාලුවෝ විදිහට අපි කැමති නැහැ. හිතුවක්කාර ආදරයකට උඹේ ජීවිතේ සීමා කරන්න හදන්න එපා. මොකද උඹට යන්න තව ගොඩක් දුර තියනවා පියුමි"

කාර්යාලයට මා තවමත් නවකයෙකු වූ නිසාදෝ මම නොසිතූ තරම් කාර්යය බහුල වූ දින කීපයක් ගතකෙරුවෙමි. පළවෙනි සති කීපයේ ඔය කාර්යබහුල බව සාමාන්යය දෙයක් බව මට අලුති හමු වූ මිතුරා වූ තාරකගේ අදහස වූ අතර එම කාර්යබහුලබව මගේ හිතේ තිබූ සියලුම දේ තාවකාලිකව අමතක කිරීමට සමත් විය. එනමුත් මගතොටදී දකිනා සමහර සිදුවීම් හා මට ඇසීමට ලැබූ සමහරක් වචන කීපයන් නිසා පියුමිගේ මතකයන් මගේ හිත පෑරුව අතරම එම හැම අවස්තාවකදීම මා ඇයට දුරකථන ඇමතුමක් දීමට කල උත්සහයද මගහැරවීමට තරම් මගේ මේ සිත නපුරු වූයේ ඇයිද යන්න මම මගෙන්ම විමසුවෙමි. වර්ණකුලසූරිය මහතාගෙන් පළිගැනීමේ චේතනාව මා සිත තුල දැඩිව තැම්පත් වී තිබීම පියුමිගේ මතකයන් මගේ හිත කොනක හිරවීමට බලපෑ එකම සාධකයයැයි මම සිතුවෙමි. කොතරම් කාර්යය බහුල උවද, කාලය වේගයෙන් ගෙවී ගියද, මම මගේ මිතුරා වූ අමිලව හා මගේ සගයා වූ මොහොමඩ් සමග සබඳතාවයන් පවත්වාගෙන ගියේ වර්ණකුලසූරිය ගැන මම මනාව දැන සිටි නිසාය.

මා රටෙන් පිටවීම පිළිබඳව දැනගත් වර්ණකුලසූරිය මහතා විටක කෙවින් ලවා අසත්‍ය චෝදනා ගොනුකිරීමට උත්සහක් දරා ඇති බව මට අමිලගෙන් දැනගැනීමට ලැබුනි. එනමුත් කෙවින් මට විරුද්දව කිසිදු වචනයක් නොපැවසීම මා මෙන්ම මගේ මිතුරාද පුදුමයකට පත්කරන්නා වූ කරුනක් විය. එමෙන්ම කෙවින් ඔහුගේ රහස් පණිවිඩ කරුවෙකු යොදාගනිමින් අමිලට පණිවිඩයයක් එවා තුබුනේ තාවකාලිකව හෝ මට පියුමිගෙන් ඈත් වී සිටින ලෙසත් ඇයගේ මෙන්ම මගේ පවුලේ අය පිළිබඳවද තරමක් දැඩි විමසිල්ලකින් සිටිනා ලෙසය. එම පුවත මා සිත සසල කරන්නා වූ පුවතක් වුවද එහි වගකීම මොහොමඩ් විසින් භාරගත් නිසා මට සැහැල්ලුවෙන් හුස්මක් ගැනීමට හැකි විය.

"කොහොමද දිනුක වැඩ කටයුතු, ඔෆිස් එකේ වැඩ එහෙම කොහොමද"
"අවුලක් නැහැ අසීස්, කරගෙන යනවා. තාම මම ප්‍රොබේෂන් ඉන්න නිසා ටිකක් වැඩ වැඩියි"
"ඒක නෙමේ, අද නිවාඩු දවසනෙ යමුකො මාත් එක්ක පොඩි ගමනක්"

අසීස් මා හට එසේ පවසනවාත් සමගම සිටි තැනින් නැගිට ගිය අතර මම ද කිසිදු ප්‍රස්නයක් නොඅසා ඔහුව අනුගමනය කලෙමි. විනාඩි කීපයග ගමනකින් පසුව අප පැනරෝමා නැමති හෝටලයක් අසල අසීස්ගේ වාහනය නතර වූ අතර එහි ඇතුලත තිබෙනා වූ ශ්‍රී ලාංකීය බොජුන් හල වෙත ඇදුනේ පුරුදුකාරයෙක් සේය. මාද ඔහු අනුගමනය කරමින් ඔහු පසු පසින්ම ගමන් කල අතරම අප දෙදෙනා අසුන් ගත් මේසයට බියර් බෝතල් දෙකක් පැමිනියේ විනාඩියකටත් අඩු කාලයකිනි. කළු පැහැති කොට ඇඳුමකින් සැරසූ ය්වතියන් දෙදෙනෙක්ද අප අසලට පැමිනියද අසීස් ලබාදුන් ඉඟිය නිසා ඔවුන් වෙනත් තැනකට ගියේ අසීස්ට මොන මොනවදෝ මුමුනන ගමින්ය.

"දිනුක ඒ කෙල්ල ඔයාට කැමතිලු. ඒක තමා ඒ හින්දි භාෂාවෙන් මට කියල ගියෙ"
"හම්ම්ම්.. ඒකත් එහෙමද. ඒක නෙමේ හදිසියේම ඇයි අපි මෙතන්ට ආවෙ"
"මට මොහොමඩ් කතා කලා ඊ‍යෙ. වර්ණකුලසූරිය නාඩගමක් නටන්න හැදුවලු නේද"
"ඔව් ඒකනම් ඇත්ත තමා. මොහොමඩ් ඒ ගැන බලාගන්නම් කිව්ව නිසා මම ටිකක් නිදහසේ ඉන්නවා"
"දිනුක, මම ඔයාව මෙහෙට ගත්තෙ අලුත් ලයිෆ් එකක් හදා ගන්න ඔයාට පාර පෙන්වන්න. මොකද මම ඉස්සර ඉඳම්ම ආදරේ කරපු චරිත දෙකක් තමා ඔයයි බ්‍රයනුයි. අනික මට ඕන උනේ නැහැ ඔයාව ආයෙමත් නරකාදියට ඇදල ගන්න. ඒත් අපිට වර්ණකුලවූරියට මොනව හරි කරන්න වෙනව නේද"
"ඒකනම් ඇත්ත තමා."
"මිනිහට ගේමක් දෙනවනම් අපි ඉක්මන් වෙන්න ඕන. ඔයාගෙ ප්ලෑන් එක හොඳයි. ඒත් මිනිහව මෙහට ගෙන්නල වැඩේ කරන්න ගියොත් ඔයා පරක්කු වැඩිවෙයි කියල හිතන්නෙ නැද්ද"
"අසීස්ගෙ පොයින්ට් එක කෙලින්ම කියන්නකො"
"මේකයි මේක අපි ලංකාවෙදිම ඉවරයක් කරමු. වැඩේ මට භාර දෙන්න. මම ඔයාගෙ ප්ලෑන් එකම ලංකාවට ගැලපෙන විදියහ ටිකක් එහෙට මෙහෙට කරල වැඩේ කරන්නම්. මොහොමඩ් ඉන්නවනෙ. හැබැයි මටත් උදව්වක් ඕන ඔයාගෙන්"
"උදව්වක් .. ඒ මොකද්ද"
"අයෙ මම කවදාවත් ඔයාට මේ නරකාදි වැඩ වලට ගාවගන් නැහැ. පොඩි ඩීල එකක් ගොඩදාගන්න ඔයගෙන් උදව්වක් ඕන. මම පස්සෙ විස්තර කියන්නම්කො"
"මේ නරකාදියෙන් ගැලවීමක් නැහැ අසිස්. මම එක දවසකුත් කිව්ව වගේ කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙයිද අසිස්. මම ඔයාගෙ වැඩේ කරල දෙන්නම්."
"එහෙනම් වර්ණකුලසූරියගෙ අවසාන කැමැත්ම මම ලියන්නම්. අනික මට සමා වෙන්න . ඔයා ආදරේ කරපු කෙල්ලගෙ.."
"ඒව අතීතයට එකතු වෙලා ඉවරයි අසිස්. මම මොහොමඩ්ට කතා කරන්නම්. ඔයාගෙ වැඩේ ගැන මට ෆුල් ඩීටේල්ස් ටික දෙන්න. ගෙම් ප්ලෑන් එක හදල දෙන්නම්"
"ඔයාගෙ ඔය චරිතෙට මම ඉස්සර ඉඳන්ම ආදරේ කලා දිනුක. අපේ ඒ අතීතය වෙනුවෙන්.. චියර්ස්"
"චියර්ස්.."
"අර කෙල්ල එකසිය හතරෙ රූම් එකේ ඇති. කැමතිනම් විනෝද වෙලා එන්න."
"එපා අසීස්.. මම තාමත් පියුමිට ආදරෙයි. පිස්සියක් වගේ දාල යන්න එපා කියල අඬද්දි හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මම ඒ කෙල්ලව තනි කරල ආව. තාමත් ඒ හඬ රැව් දෙනවා අසීස්.. ලැබුනා හෝ නොලැබුනා ඒ කෙල්ල වෙනුමෙන්ම ඉන්නවා මම ජීවත්වෙලා"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

No comments:

Post a Comment