කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Wednesday, December 23, 2015
හිතුවක්කාර ආදරය - 30 කොටස
"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, December 14, 2015
හිතුවක්කාර ආදරය - 29 කොටස
නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.
"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)