Tuesday, April 28, 2015

හිතුවක්කාර ආදරය

අලුත් වැඩක් කරන්න කියලා බැලුවේ.ඇත්තටම මේක මගේ වැඩක් නෙමේ වෙන අයියා කෙනෙක් කරපු වැඩක් එයා ලියපු නවකතාවක් මම ඒ කතාව කොටස් වශයෙන් දානවා මගේ බ්ලොග් එකේ,
එම ලියපු පුද්ගලයාගේ පූර්ණ අවසරය ඇතිව
"මිනුක අයන්ත"
ඔයාලත් කියවලා බලන්න හොදද කියලා ,
පූර්ණ අවසරය මත උපුටා ගැනීමකි

හිතුවක්කාර ආදරය 01

විශ්වවිද්යාලයට ඇතුලත් වීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිඵලයක් උසස්පෙළ විභහගයෙන් නොතිබුනත් යාන්තම් රැකියාවකට ඉල්ල්ලුම් කිරිමට හැකි ප්රතිඵලයක් තිබූ නිසා මම නැවතත් විභහගය කිරීමට නොසිතුවෙමි. මාගේ එම අදහසට අම්මාගේ දැඩි විරෝදය තිබුනද අම්මාගේ ඒ සියළුම දේ මා ඉවසාගෙන සිටියේ ත්රිකෝණමිතිය, බෙන්සීන්, බර්නූලී මගේ ලෝකය ඉතා සන්කීර්ණ ලොවක් කල නිසාය. 



"පුතේ නැගිටිනවා .. තවම නිදි වැඩට යන්න තියනවා නේද? "
"යන්නම් තාත්තෙ. ඊයෙ ටිකක් රෑ වෙලානෙ ආවෙ, ඒ නිසා අද ටිකක් පරක්කුවෙලා යනවා."
"ඒක මාර වැඩට යාමක්නෙ. නැගිටිනවා නැගිටල ලෑස්ති වෙනවා. කොල්ලෙක් උනහම ඔයිට වඩා වගකීමක් තියෙන්න ඕනා. මේක කොයි වෙලේ බැලුවත් නිදි. අන්න තේ එක හදලා මේස උඩ. නැගිටිනවා."
" හරි හරි තාත්තෙ"

අම්මාගේ දැඩි විරෝදය මැද්දේ උවද මම රක්ෂන සමාගමක වැඩ කෙරුවෙමි. මාගේ රස්සාව නිසා පොකට්ටුව සවිමත්ව තිබුනද අම්මාගේ අදහස වූයේ මම තව ඉගෙන ගත යුතුය යන්නය. අම්මා මොකට මෙච්චර ඉගෙනගත්තාද යන්න මට සිතූ වාර ගනන අනන්ත අප්රමානය. එමෙන්ම අම්මාගේම කොපියක් වූ මාගේ ආදරබර් නැගණියගේද අදහසවූයේ අයියා ඩිග්රියක් කල යුතුය යන්නය. මාගේ මේ රැකියාවට බර බරේ නොදැමූ එකම පුද්ගලයා මාගේ තාත්තාය. තාත්තාගේ අදහස වූයේ මේ වයසේ සිටම තම මහන්සියෙන් හම්බකල යුතුය යන්නය. පවුලේ සියළු දෙනාගේ අදහස් කෙසේ වෙතත් මා කරනා රැකියාවෙන් මම සතුටක් ලැබුවෙමි. 

"හලෝ .. හලෝ .."
"ඇහෙනවා බන්, කියපන් හලෝ එක පැත්තකින් තියලා."
"කොහෙද බන් උඹ ඉන්නෙ"
"ඇඳේ.."
"අම්මප මුගෙ. .. යකෝ අද නේද මීටින් එක. ඒරියා මැනේජර් එනව කිව්වෙ අද නේද? "
"අම්මට .. ලොවෙත් නැහැනෙ ඉතින්.. බ්‍රයන් දැන් බන් මට මතක් උනේ. පැයක් දීපන් මම එන්නම්. උඹ එතකම් හැඬල් කරපන්."
"මම උඹට කිව්වනෙ ඊයෙ.."
"ඒව කොහෙද බන් මතක. මද පවනනෙ ආවෙ. මම ඉක්මනට එන්නම් ඉතින්. උඹ මගෙ හොඳ පැටිය වගේ වැඩේ ගොඩ දාපන්. නිවන්තිත් ඉන්න්වනෙ. ආ අනික අපේ ලොක්කව ටිකක් ෂේප් කරපන් හරි."
"හරි හරි.. ඉක්මනට වරෙන්"

බ්‍රයන් හා නිවන්ති මම රැකියාවට ගිය විට හමුවූ මිතුරන් දෙදෙනා විය. අප හමු වී කෙටි කාලයක් උවද අප තිදෙනා අතර තිබුනේ ආත්ම ගනාවක සිට පැවත එන්නාක් මෙන් බැඳීමකි. අප තිදෙනා ඊයේ තවත් මිතුරෙකුගේ උපන්දින සාදයක සහබාගී වූ අතර අත් වැරදීමකින් අප ඉවර කල බියර් බෝතල් හත අට නිසා අද දිනයේ මීටිම ගැන බිඳක්වත් මාගේ මතකයේ නොතිබුනේය. 

"ඔන්න ටීම් ලීඩර් එන වෙලාව.."
"සොරි සර් .. ටිකක් ඇඟට හරි නැහැ වගේ. ඒකයි එන්න පරක්කු උනේ."
"අන්න ඒරියා මැනේජර්ට තමුසෙව මීට් වෙන්න ඕනලු."
" ඒ මොක්ද සර්.. මොකක් හරි අවුලක්වත්ද? "
" මම දන්නෙ නැහැ. ගිහින්ම බලනවකො. මගෙ රූම් එකේ ඇති"

මා දන්නා දෙවි වරුන්ගේ නම් කීපයක් සිහිපත් කරමින් හා දන්නා ගාථා කීපයක් මුමුනමින් මම ඔහු සිටිනා කාමරයට ඇතුළුවෞනෙමි. ඔහු ඉතා දැඩි පුද්ගලයෙක් බව මා අසා තිබුනද ඔහුව ප්රථම වතාවට දුටුවේ අදය. මා අසා තිබූදේ නිවරැදිය. ඔහුගේ එම නපුරු ගතිය ඔහුගේ මුහුනින්ම පෙනෙන්නට විය. 

"ගුඩ් මොර්නිං සර්.."
" ගුඩ් මොර්නිං.. ගුඩ් මොර්නිං .. "
"සර් මේ තමා දිනුක. අර මම කිව්වෙ"
"සිනෙත් දිනුක .. මිස්ටර් සරත් කිව්ව වගේම කොල්ල හැන්ඩිය. මොකෝ ඇඹරෙන්නෙ ලැජ්ජහිතුනද.. දැන් දිනුක දන්නවද මම එන්න කිව්වෙ ඇයි කියලා"
"නැහැ සර් .."
"ඔයා තාම අපිට ජොයින් වෙලා මාස පහක්වත් නැහැ. ඒ උනට ටීම් ලීඩර් කෙනෙක්. ඒ වාගේම මාසෙට හොඳ පඩියකුත් ගන්නවා. වෙල්ඩන් පුතා.. වෙල් ඩන්.. ඔය වගේ තව දෙන්නෙක් හිටියනම් අපි සේරම ගොඩ. නැද්ද මිස්ටර් සරත්.."
" තැන්ක්ස් සර් .."
"හරි හරි දැන් යන්න. මීටින් එක පටන් ගමු. පස්සෙ නිවාඩුව කතාකරමු. ආ මිස්ටර් සරත් ඔයා ටිකක් නවතින්නකො"
"ඕකේ සර්.. සී යූ"
" සී යූ පුතා.. සරත්, ඔයා කිව්ව වගේම කොල්ල ටැලන්ට් පාටයි. මට දැකපු ගමන් කියන්න පුළුවන්. මිනිහ තමා අපිට ඕන කරන චරිතය. මිස්ටර් සරත් කිව්ව වගේ තාමත් මිනිහට ගෙදරින් අවුල්ද මේ ජොබ් එක කරනවට."
"ඒ වගේ සර්.. දිනුක මට කිව්වා. එයාලගෙ අම්ම කැමති නැහැලු. තාත්තගෙන්නම් ගැටළුවක් නෑලු. මොනව උනත් මිනිහ ආසාවෙන් වැඩ ටික කරගෙන යනවා."
"ගෙදරින් අකමැතිනම් අපිට බලකරන්න බැහැනෙ. මොනව උනත් මිනිහගෙ අම්මනෙ. ඒ උනාට සරත් මේ වගේ සමාගමකට දිනුක වගේ මිනිස්සු ඕන. ඒක මම සරත්ට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක නිසා දිනුකව තියාගන්න බලන්න. දෙන්න පුළුවන් උපරිම ෆැසිලිටීස් දෙන්න. "
"ඔව් සර්.. බලමු මිනිහව ඉදිරියට ගෙනියන්න. හොඳ අනාගතයක් තියන ටැලන්ටඩ් කොල්ලෙක්."

************ ************ ************

"ඇති යන්තම් උඹ ආවද"
"මන් කලින් ආව බන්. ඒරියා මැනේජර් එන්න කිව්වා ආව ගමන්ම. ඒකයි මේ පැත්තට එන්න පරක්කු උනේ"
"මොකෝ මොකක් හරි කොක්කක්වත්ද?"
"මම හරි ටැලන්ටඩ් කියන්නෙ. බොරු බයිල බන්. අපි කස්ටමස්ල අල්ලනව වගේ එයාල අපිව අල්ලනවා. අපිත් ඉතින් දැදැනම අහුවෙනවනෙ බන්. ඒක නෙමේ කෝ නිවන්ති."
"අපි දෙන්නටත් එක්ක තේ හදාගෙන එන්නම් කියල ගියෙ. ඒක නෙමේ දිනුක, අර ඇන්ටි කෝල් කලේ නැද්ද?"
"ඇඬෙනවනෙ තනි ඇහැට ඉතින්, ඒක තමා කතාව. බර ලව් මට ඒක."
"ආ මේ ඉන්නෙ ඇවිල්ලා. මොකද දෙන්න කැකිරි පලන්නෙ උදෙන්ම"
"නැහැ නිවන්ති, අර පෙරේද ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඇවිල්ල දිනුකයට සෙට් උන ඇන්ටි ගැන කතා කලේ"
"අපෝ මොනවද දිනුක. ඔය ඇන්ටිල පස්සෙ යන එක නවත්තනවකො"
"මේ මේ කුමරියනි නුඹට වැරදුනා.. මම කාගෙවත් පස්සෙන් ගියෙ නැහැ, අනික නිවන්ති ඔයාට තේරෙන්නෙ නැහැ ඇන්ටි කෙනෙක්ගෙ තියන ඇඩ්වාන්ටෙජස්"
"අනේ මේ මම නොදන්න ඇඩ්වාන්ටේජස්. ඔය ඇන්ටිල පස්සෙන් යන එක නවත්තල මම වගෙල් ලස්සන හුරතල් දඟකාර කෙල්ලෙක්ට ලව් කරනවකො."
"අනේ මේ උඹේ ලස්සන දඟකාරකම් ගැන මොනව කියනවද. බලහන්කො බ්‍රයන් රූප සුන්දරී කියල හිතාගෙන ඉන්නෙ."

මම නිවන්තිට ඇනුම්පද කියනා විට බ්‍රයන්ගේ ඇස් වේදනාවෙන් පිරී තිබුනි. මක්නිසාද යත් බ්‍රයන්  යටි සිතින් නිවන්තිට ආදරය කලේය. නිවන්ති මේ කිසිවක් නොදැන සිටියද බ්‍රයන්ගේ ආදර කතාවම මම මුල සිටම දැනගෙන සිටියෙමි. එමෙන්ම ඔහුගේ ආදරය සාර්ථක කර ගැනීමට මම හැකි සෑම විටම හැකි අයුරින් උදව් කලෙමි. කෙසේ වෙතත් නිවන්තිගේ ඇති සුරතල් දඟකාරකම් නිසාත් බ්‍රයන්ගේ කුකුල් කෝපය නිසාත් මොවුන් දෙදෙනාව එකතු කිරීම මා හට ලොකු අභියෝගයක් විය. 

"බ්‍රයන් මොකො උඹේ ආදර අන්දරයෙ තත්වය. දියුණුවක් තියන්වද"
"උඹට පිංසිද්ද වෙන්න ටිකක් හොඳයි. උඹ අර ගිය සතියෙ පොජෙට් එක මට බාර දුන්න නිසා මට නිවන්තිට තවත් ලන් වෙන්න පුලුවන් උනා. දැන් අපි දෙන්න වෙනදට වඩා ළඟින් ඉන්නවා කියල මට දැනෙනවා බන්"
" උඹ ගොඩ. බොසා මට බනිනවා ඒ පොජෙට් එක මම කලේ නැහැ කියලා."
"නෑ .. ඉතින් උඹ මොනාද කිව්වෙ"
" මම ලස්සනට බොසාව ගොඩ දැම්මා. උඹ දන්නවනෙ ඉතින් මම ගැන"
"මේ ඒක නෙමේ, අසිස් එනව කිව්වා අද හවස අපිව මුනගැහෙන්න."
"ම්ම් .. මොකක් හරි ගේමක් බාර දෙන්න වෙන්න ඇති. ගිහිල්ලම බලමුකො"

අසීස් මීගමුව නගරය තුල කවුරුත් ගරුකල චරිතයකි. බලය හා ධනය අතින් ඉහලම තැන සිටිනා චරිතයක් මෙන්ම මත්ද්රව්ය ජාවාරමේ ඉහලම තැන සිටි චරිතයකි. නමුත් ඔහු දුප්පතාගේ හිතවතා වූයේ ඔහු සෑම විටම අසරණයාට පිහිට වූ නිසාය. ඔහු දුප්පතෙකුට අසරණයෙකුට උදව් කරනුයේ දෙවරක් නොසිතාය. අසිස්ට අප දෙදනා හමූවී ටික කාලයක් උවත් ඔහු අප තුල තිබූ විස්වාසය නිසා අපදෙදෙනාට ඔහුගේම සහෝදරයන් ලෙස සැලකුවේය. අසිස් අප සමග සිටිනා බව අප දන්නා නිසා අපද නගරය තුල කාලය ගත කලේ කිසිදු බයකින් තොරවය. සමහර අවස්තාවලදී අප දෙදෙනාට කඩවල්ලවලින් නොමිලේ කෑම බීම පවා දී ඇත. ඒ අප දෙදෙනා අසීස්ගේ ළඟින්ම ඉන්නා බව ඔවුන් දන්නා නිසාය.

"දිනුක, බලහන්කො දවසක අසිස් නිසා අපි දෙන්නටත් හිර ගෙයි බත්වේලක රස බලන්න වෙන්නෙ නැද්ද කියලා."
"ඇයි උඹ එහෙම කියන්නෙ"
"නෑ ඉතින් මිනිහ කොච්චර හොඳ උනත් මේ සමාජෙට උඹ දන්නවනෙ මිනිහ ඇත්තටම කව්ද මොනවගේ කෙනෙක්ද කියන එක. කෝකටත් අපි පරිස්සමෙන් ඉමු. නැතිනම් ඉතින් සුදු කොඩි වැඩි ඈතක නෙමේ"
"අනේ මේ උඹේ බ්යිල නවත්තල වරෙන් බන් යන්න"
"බයිල නෙමේ දිනුක, ඇත්ත මම කිව්වෙ."
"හරි බන් මටත් නොතේරෙනව නෙමේ බන්. උඹ කියන්නෙ අපි දැන් අසිස් එක්ක තියන සම්බන්දකම් නැවැත්තුවොත් එක පාරටම, අපි දෙන්නට මෙ වගෙ ඉන්න පුළුවන් වෙයි කියලද. උඹ බය නොවී ඉඳපන් බ්‍රයන් .. දන්නවනෙ මේ දිනුක ගැන. වෙලාව ආවම මම කියන්නම් ගැලවෙන්න කොහොමද මොනවද කරන්න ඕන කියල"
"හම්.. බලමුකො"
"ඒයි බ්‍රයන් බලපන්කො අර රතුපාට ස්කූටියෙන් බැස්ස එක. මාරයි බන්. කෝටිගනන් සැප බන්"
"ඇත්ත මචෝ. මොකෝ කියන්නෙ ෆලෝ පාරක් දාමුද. ආපිකෝ එකට යන්නෙ"
" එල යමු"
"උඹටත් ඇන්ටිලව දුර ඉඳලම පේනව නේද? මතක තියා ගනින් පුතෝ කොට්ටෝරුවටත් කෙල උනේ කෙසෙල් ගහකට කොටල"

අපි දෙදනාම ඇගේ පිටුපසින් සීරුවට ආපිකෝ එකට ඇතුළු විය. එතරම් හැඩති සිරුරක් මා දැක නොතිබූ තරම්ය. ඇය අවුරුදු විසි නමය තිස් දෙක අතර තැනැත්තියක් බව අප දෙදනාම තීරනය කලෙමු. නමුත් ඇතට තිබුනේ අවුරුදු විසීඑකක පමන යුවතියකේ දඟකාරකමකි. ඇයව කතාවට අල්ලා ගැනීමට මට කදිම උපායක් සිහියට ආවේය. බ්‍රයන් එයට අවශ්ය වටපිටාව සකසා දුන්නේය.

"ඒක්ස්කියුස් මී මැඩම් .. හව් කැන් අයි හෙල්ප් යූ"
"ම්ම් .. ඔයා ආව හොඳ වෙලාවට. බර්ත්ඩේ විෂස් කාර්ඩ් තියෙන්නෙ කොහෙද." 

ආපිකෝ එක ඇතුලෙහි අනන්තව කාලය ගත කර ඇති නිසා එහි අයිතිකාරයටත් වඩා අප දෙදෙනා එහි සැලැස්ම දන සිටියෙමු. නමුත් ඒ ඇවිද්ද පය කවදා හෝ මෙතරම්ම වටීවියැයි අපදෙදෙනාම තප්පරයක්වත් නොසිතුවෙමු. ඇයට උවමනා දේ මා සොයා දී ඇයගේ දුරකථන අන්කයද මම ඉල්ලා ගත්තෙමි. ඇය නමින් ටානියාය.

" ඇඬෙනවා බ්‍රයන් තනි ඇහැට.."
"මොනව කියන්වද, සුපිරිම එකක් බන්. හැබැයි පරිස්සමෙන් පුතෝ හරි."
"හරි හරි උඹ දන්නවනෙ දිනුක ගැන, බය වෙන්න එපා බන්. අනික උඹ වගේ යාළුවෙක් මට ඉන්නකොට ඇයි මම බය වෙන්නෙ"
"හරි හරි දැන් වරෙන් යන්න, අසීස් ඇවිල්ලත් ඇති"
"දැන් කොහෙටද අපිට එන්න කිව්වෙ"
"ඔඩීලියා එකේ උඩ ඉන්නවා කිව්වෙ"


No comments:

Post a Comment