Monday, August 4, 2014

PHP ගෙදර -- වැඩි යමක් දැන ගැනීමට

අද අපි කරන්න යන්නේ,
PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි ගැටලු මතු වෙන්න ඇති මම ඒ ගැටලු ඉදිරි පත් කරපු අයට පිළිතුරු ලබා දුන්නා.දැන් මම කියන්න් යන්නේ අපි අපේ PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි එකම දේ නිතර නිතර බාවිතා කරන්න වුනා නේද ?



උදා :- Database Connection එක අපි නිතර් නිතර භාවිතා කලා.අපි භාවිතා කරන හැම තැනකදිම ඒක නැවත Type කරන්න සිදු වුනා නේද ?
හිතන්න ඔයාලා ලොකු Project එකක් කරගෙන් යන විට අතපසු වීමක් වෙලා Database Connection එකේ වෙනස් කිරීමක් කරන්න වුනා කියලා .දැන් ඉතින් කොනක් ඉදලා හොය හොයා වෙනස් කරගෙන එන්න වෙනවා නේද ?

නෑ එහෙම කරන්න ඔනේ නෑ අපිට පුලුවන් අපි අපේ Connection එක වෙනම File එකක දා ගෙන හැම තැනදිම ඒක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේ හොදයි නේද ?
කොහොමද ඒක කරන්න්නේ අපි හරිම් ලේසියි ඔයාට කරන්න තියෙන්නේ අලුත් PHP ෆයිල් එකක් අරගෙන අපි හැම තැනදිම් හදන Connection එක ඒකට දා ගන්න විතරයි

මම හදා ගත්තා "connection.php" කියලා ෆයිල් එකක් ඒකට දා ගත්තා මෙන්න මේ ටික

=================================================================
<?php

                $username = "user_name";
                $password = "your_password";
                $hostname = "localhost";
                $dbname="db_name"

$connection = mysql_connect("$hostname", "$username", "$password");
if (!$con) {
    die('Could not connect: ' . mysql_error());
    echo 'Cant Access';
}
mysql_select_db("$dbname", $connection);
?>
                =================================================================

දැන් වැඩේ හරි වැඩෙන් 70% ගොඩ.දැන් වැඩේ කරගෙන යද්දි අපිට Connection එක පාවිච්චි කරන්න යන තැන් වලදි අපිට පුලුවන් අපි හදා ගත්තු File එක භාවිතා කරන්න පුලුවන්.
මෙන්න මේ විදිහට ,

=================================================================
<?php 
include 'connection.php'; 
?>
=================================================================

හරිම ලේසියි දැන් අපිට අපේ ඉතිරි වැඩ ටික අරගෙන් යන්න පුලුවන්.අපිට Database Connection එක ඔනේ වෙන වෙලාවට අපි හදා ගත්තු ෆයිල් එක භාවිතා කරන්න පුලුවන්.



වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න 

No comments:

Post a Comment